sputniv-v-sri-lanka

රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් කොරෝනා මදන එන්නත මාත්‍රා හැත්තෑ ලක්ෂයක් මිලදී ගැනීමට පියවර ගෙන ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යධිකාරි දිනුෂ දසනායක මහතා පැවැසීය.

මේ එන්නත් මිලදී ගැනීමට අදාළ ගිවිසුම ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සහ ස්පනික් එන්නත නිපදවන රුසියාවේ ගැමීලියා ආයතනයේ නියෝජිතයන් අතර ඊයේ (31) අස්සන් කෙරුණු බවද ඔහු කීය.

ස්පුට්නික් එන්නත් මාත්‍රා ලක්ෂ හැත්තෑවක් මිලදී ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතියද ලැබී ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසයි.මේ ගිවිසුම අනුව එම එන්නත් තොගයේ පළමු කොටස ලබන මස මැද මෙරටට ලැබීමට නියමිතය. ඊට පසුව මැයි මස සිට දෙසැම්බර් දක්වා ඉතිරි එන්නත් තොග ලබාදීමට එම ආයතනය එකඟත්වය පළ කර ඇත.ස්පුට්නික් එන්නත මෙරට හදිසි භාවිත සඳහා ඖෂධ නියාමන අධිකාරියද පසුගියදා අනුමැතිය ලබා දුන්නේය.මේ අතර ශ්‍රී ලංකාවට ස්පුට්නික් එන්නත් මාත්‍රා එකෝටි තිස් ලක්ෂයක් සැපයිය හැකි බවට එම එන්නත නිෂ්පාදනය කරන රුසියාවේ ගැමීලියා ආයතනයේ ප්‍රධානීන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා ප්‍රධානීට ඊයේ දැනුම් දී ඇත.
 (සුජිත් හේවාජුලිගේ)