ginthota-weeraketiye-sanjaya-speaks

ගාල්ල ගිංතොට ප්‍රදේශයේ විහාරස්ථානයක වීරකැටියේ  සංජය නමැති හිමි නමක කලහකාරී ලෙස හැසිරෙන වීඩියෝවක් සමාජජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසු ඒ ගැන විශාල සංවාදයක් ඇරඹී තිබේ.


මේ කියන හිමිනම අසභ්‍ය වචනයෙන් බැන වදිමින් පුද්ගලයකුට පහර දීමට උත්සාහ දරන අකාරය ද එම වීඩියෝවේ දැක්වෙන අතර මෙම සිද්ධිය සමථයකට පත් කිරීම සඳහා පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ සිටින අවස්ථාවේ පවා එම හිමි නම සිය කලහකාරී බව දිගටම පවත්වාගෙන යන අයුරු එම වීඩියෝවේ දැක්වෙයි.

කෙසේ නමුත් මෙම සිදුවීමට සම්බන්ධ ස්වාමින්වන් වහන්සේ වන වීරකැටියේ සංජය හිමියන් යුටියුබ් නාලිකාවක් සමග එක්වෙමින් අද වෙනස් ආකාරයට අදහස් පළ කර තිබේ.

තමන්ගේ හැසිරීම වරදක් යයි හැඟේ නම් ගරුතර ස්වාමින් වහන්සේලාගෙන් සමාව අයදින බවත් තමා ඇඳ සිටියේ අඳනය පමණක් බවත්  බුද්ධ චීවරය ඇද නොසිටියේ ඊට අගෞරව කිරීමට තමන් නොකැමැති නිසා බවත් හිමියන් කියා තිබේ.එබැවින් තමා චීවරයට අගෞරව නොකළ බවද හිමියන් තර්ක කර තිබේ.
මෙම සිදුවීමට මුලික හේතුව වුයේ විහාරස්ථානයට අයිති ඉඩම් අල්ලාගෙන සිටින පිරිසක් සමග ඇතිවූ සිදුවීමක් නිසා බවද කියා තිබේ.