
රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීම මුල්කරගෙන අද දින පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මතුවිය.
මෙහිදී සරත් ෆොන්සේකා මහතා තම මන්ත්‍රී ධූරය අහෝසි කිරීමට එවක පැවැති ආණ්ඩුව කටයුතු කළ ආකාරයත්, එවක කතානායකවරයා ඊට සම්බන්ධ වූ ආකාරයත් පිළිබද පැහැදිලි කරද්දී එවක කතානායකවරයා වූ චමල් රාජපක්ෂ මහතා ඊට පිළිතුරු දීමට යාමෙන් ඉතා උණුසුම්කාරී තත්ත්වයක් පාර්ලිමේන්තුවේ මතුවිය.
මෙහිදී තමුසේ-බූරුවා යන වචනද හුවමාරු වූ අතර චමල් හා ෆොන්සේකා ගුටි ඇන ගැනීම සදහා අභියෝග කරන ආකාරයක්ද දැකගත හැකි විය.
පාර්ලිමේන්තු සභා ගර්භයට මන්ත්‍රීවරු පැමිණී අතර විපක්ෂ මන්ත්‍රීවරු කලුපටි බැඳ විරෝධතා පුවරු
ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත විය.
මේ අතර දෙපාර්ශ්වයේම මන්ත්‍රීවරු නුසුදුසු වචන භාවිත කරන ඇයුරුද දක්නට ලැබුණි.
කෙසේවෙතත් උණුසුම්කාරී වාතාවරණය හේතුවෙන් සභාව විනාඩි 5කට කල් තැබීමට කඋණුසුම්කාරී වාතාවරණය හේතුවෙන් සභාව විනාඩි 5කට කල් තැබීමට කතානායකවරයා පියවර ගත්තේය.
Comments
Post a Comment
Your comment will be visible after approval