
කැස්ස නැතත් උණ, ඇඟපත වේදනාව ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවන්නනැයි ජාතික
බෝවන රෝග විද්‍යාආයතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසා සිටියි.
මින් පෙර කෝවිඩ් 19 රෝගයේ රෝග ලක්ෂණ ලෙස උගුරේ අමාරුව කැස්ස ආදී රෝග ලක්ෂණ වලින් පසු
නිව්මෝනියා තත්ත්වය ඇති වුවත් වර්තමානයේ අනෙක් ලක්ෂණ වලින් තොරව සෘජුවම නිව්මෝනියාව තත්ත්වයට
පත්වූ රෝගින් වාර්තා වීමේ තත්ත්වයක් පවතින බවද ඒ මහතා පැවසුවේය .
“දැන් රෝග ලක්ෂණ වල වෙනසක් දැකගන්න පුලුවන්. උගුර අමාරුව ආදිය නොමැතිව නිව්මෝනියාව ඇති වීම,
උණ වැළදී ඉන් පසුව හුස්ම ගැනීමට අපහසු වීම මත රෝහල් ගතකරන රෝගින් පසුගිය දිනවල දැකගන්න
පුලුවන් වුණා.
සමහර රෝගින්ට ඇඟපත වේදනාව ,වමනය ,උණ රෝග ලක්ෂණ ලෙස තිබුණේ .ඒ වගේම රෝහල්ගත වූ
බහුතරයක් උණ කැස්ස වගේ රෝග ලක්ෂණ මතුවී දින හතරකට පහකට පසුව නිව්මෝනියා සංකූලතා වැඩි
වුණාමයි රෝහල් ගත වී තිබුණේ. මේ නිසා ජනතාවගෙන් ඉල්ලනවා කැස්ස නැතිවුණත් උණ, ඇඟපත
වේදනාවන් තියෙනවානම් ඉක්මනින් වෛද්‍යප්‍රතිකාර සඳහා යොමුවෙන්න.”
(නදීෂානි පතිරණ)
Comments
Post a Comment
Your comment will be visible after approval