
විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගේ නිරෝධායන කාල සීමාව වෙනස් කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.
ඒ අනුව මිට පෙර විදේශ ගතව සිට පැමිණෙන පුද්ගලයින්ගේ නිරෝධායන කාල සීමාව දින 07ක් ලෙස දක්වා තිබුනද එය දින 14ක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇත. (ඊට පෙර පැවතියේ එම දින 14 නීතියයි)
මේ වන විට ව්‍යාප්තවන කොවිඩ් ප්‍රභේදයන් හි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට දින 14ක කාලයක් ගතවන බවට වෛද්‍යවරුන් සඳහන් කර ඇති නිසා මෙම තීරණය ගෙන ඇති බව පැවසූ යුද හමුදාපතිවරයා ඒ සම්බන්ධයෙන් වන නිල නිවේදනය අද සවස් කාලය වන විට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කරනු ඇති බව දන්වා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval