nileeka-malavige-speaks

ශ්‍රි ලංකාවේ මේ වනවිට නව කොරෝනා රැල්ලක ලක්ෂණ මතුවී ඇති බවත් පැතිරෙන නව ප්‍රභේදය  පළමු රැල්ලට සහ දෙවන රැල්ලට වඩා දරුණු ලෙස පැතිරෙන ලකුණු පෙන්වන බවත් ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ වෛරසවේද සහ ප්‍රතිශක්තිවේදය පිළිබඳව මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය අද (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවාය.


එක් ආසාදිතයකුනේ බෝවන ප්‍රමාණය අඩුම තරමින් පස් දෙනකුට හෝ සය දෙනකුට බෝ වන තත්ත්වයක් පවතින මෙහි පැතිරීමේ ශීඝ්‍රතාව ඉහළින් පැවතීම ප්‍රධාන ලක්ෂණයක් බැවින් මුඛ ආවරණය නිතරම පැළඳීම ඇතුළු සෞඛ්‍ය පිළිවෙත් පිළිබඳව දැඩි අවදානයක් යොමු කළ යුතු බව සඳහන් කළාය.මෙම වෛරසය වාතය හරහා බෝවීම සිදු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තහවුරු කර ඇතැයි ද ඇය සඳහන් කළාය.

“අවසානාවන්ත ලෙස මෙම රටට නව ප්‍රභේදයක් ඇවිත් තිබෙනවා. කලින් තිබුනු ඒවාට වඩා එය වෙනස් . කලින් පළමු රැල්ල දෙවන රැල්ල ට වඩා මේ රැල්ල දරුණුයි. එක් අයකුගෙන් පස් හය දෙනකුට බෝවනවා. මේ වනවිට අපේ ජනතාව කොරෝනාවලට බිය නොවන තතත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. නමුත් ඒක අසාධාරණයි.


රෝග ලක්ෂණ පෙන්වන ප්‍රමාණය වැඩි වෙලා තිබෙනවා. අනෙක තරුණ අයටත් දරුණු රෝග ලක්ෂණ වැඩි
වෙනවා. ඉන්දියාවෙත් තරුණ අයට ආසාදිතයන් බවට පත්වෙලා. ලෝක සෞඛ්‍ය සංවිධානයත් අනාවරණය
කරල තිබෙනවා මෙම වෛරසය පැය එක හමාරක් විතර වාතාශ්‍රයේ තිබෙන්න පුළුවන් කියල. අද
බොහෝ අය පිටට දාන් හිටියත් කාර්යාලට ගියාම මාස්ක් එක ගලවලා යාළුවත් එක්ක කතා කරනවා.
එය අභ්‍යන්තර පරිසරයක කිසිසේත් නොකළ යුතුයි. හැමදේටම වඩා වැදගත් මාස්ක් එක හරියට දැමීම. ඒ
වගේම අනවශ්‍ය තැන්වලට වැඩිපුර බෝවීමේ ඉඩක් තිබෙනවා වෛරස සාන්ද්‍රණය වැඩිවෙනවා.එබැවින්
ඉතා ඉවසීමෙන් සහ වගකීමෙන් යුතුව කටයුතු කළ යුතුයි.“