dam-street-girl-body-calls

කොළඹ, වේල්ල වීදියෙන් හමුවූ කාන්තා මළසිරුර සම්බන්දයෙන් ඊයේ සවස වන විට පැහැදිලි හෝඩුවාවන් ලැබී තිබුණ නමුත් ඊට පෙර එය කාගේදැයි අවිනිශ්චිතව පැවති අතරවාරයේ තමන්ගේ අතුරුදන්වූ බිරියගේ හෝ අතුරුදන්වූ දියනියගේදැයි සොයා බලන ලෙස පොලිසියට ඇමතුම් හයක් පමණ ලැබී තිබුණ බව පරීක්ෂණ පවත්වන නිලධාරීන් වාර්තා කර තිබේ.


දිවයිනේ විවිධ පළාත්වල පදිංචි පාර්ශ්ව හයක් වේල්ල වීදිය පොලිස් ස්ථානාධිපතිවරයා අමතා මේ ගැන ඔහුගෙන් විස්තර විමසා තිබූ බව දන්වා තිබේ.
මින් කිරිඳිවැල පදිංචි පාර්ශ්වයක් දැනට මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති හිස සුන් කාන්තා මළසිරුර
ඔවුන්ගේ අතුරුදන්ව සිටි දියණිය දැයි දැකබලා ගෙන ඇතත් ඔවුන් පොලිසියට පසුව පවසා ඇත්තේ ඒ තම දියණිය
නොවන බවය.


මේ සම්බන්ධයෙන් වේල්ල වීදිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් පේදුරුආරච්චි
මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කීවේ, විවිධ පළාත්වල පුද්ගලයන් තමාට කතා කරමින් ඔවුන්ගේ
අතුරුදන් දියණිය ගැන තොරතුරු විමසා එම කාන්තාවන්ගේ ඡායාරූප හා විස්තර ලබාදුන් බවත් එම
ඡායාරූප අපරාධ විමර්ශන නිලධාරීන් විසින් මෘත ශරීරාගාරයේ රඳවා තිබූ කාන්තා මළසිරුර සමඟ
සසදා බැලුවද ඒ කිසිවකින් මරා දැමූ තරුණිය හඳුනා ගැනීමට නොහැකි වූ බවය.
කාන්තා මළ සිරුර අවසානයේ කුරුවිට ප්‍රදේශයේ තරුණියගේ බවට නිගමනය කෙරුනේ මියගිය ඇය හා දිවිනසාගත් උප පොලිස් පරීක්ෂකවරයා නැවතී සිටි හංවැල්ල ප්‍රදේශයේ ලැගුම් හලේ ලියාපදිංචි දත්ත අනුවය. පොලිසිය ඒවා ලබාගෙන අදාළ පාර්ශ්ව අමතන විට ශ්‍රීපාදයේ සංචාරයක් යන බව පවසා ඇමතුමක් නොදී තිබීම නිසා කලබලවී සිටි කුරුවිට  කාන්තාවගේ නිවැසියන් මෙම මළ සිරුර ගැන දැනගත් අතර ඔවුන් පැමිණ පරීක්ෂා කිරීමේදී ඇය බවට තහවුරු කරන ලදි.


Latest Update
ඝාතක බුත්තල එස් අයි ප්‍රේමසිරිගෙන් දිවිනසාගන්න පෙර ලියුමක්

බුත්තල එස්අයි බඩල්කුඹුර කැලෑවක එල්ලී සිටි තැන ඡායාරූප

මියගිය කුරුවිට තරුණිය හඳුනාගනී - ඝාතක බුත්තල එස්අයි අද උදේ දිවිනසාගනී