badalkumbura-si-premasiri



වේල්ලවීදියේ මළසිරුරක් අතැර ගිය  උප පොලිස් පරික්ෂකවරයා සියදිවි නසාගෙන මිය ගොස් සිටින බවට මුලින්ම දැක තිබුණේ උප පොලිස් පරික්ෂවරයා ජීවත් වන ප්‍රදේශයේ ම පදිංචිව සිටින වයස්ගත පුද්ගලයෙකු වන අතර ඔහු සිය බිරිඳ සමඟ රබර් කිරි කැපීම සඳහා ගිය අවස්ථාවේ මෙම සිදුවීම දැක තිබුණි.

එහිදී ඔහු පළ කර සිටියේ මෙසේය

“මගේ නෝනා කිරි කපනවා. එයාගේ තනිවට මම එතනට ගියා. එළිය වැටෙනකල් මම හැමදාම යනවා. එයා කිරි කපනකල් මම ටෝච් එක කන්දේ ඈතට අල්ලනවා. එළිය අල්ලනකොට පඹයෙක් වගේ මොකද්ද එකක් තියෙනවා. මම බැලුවා මේ රබර් ගහ ද කියලා.

මගේ ඇස් පේනවා අඩුයි. මම නෝනගෙන් ඇහුවා කවුද කියලා බලන්න කියලා. මෙහෙම කතාවකුත් තිබ්බනේ. එල්ලිලා කියලා එයා කිව්වා. අපි දෙන්නත් එකක් ම ආයේ කිරි කැපුවේ නෑ. අපි දුව ගෙන ම ගෙදර ආවා. 5.30ට විතර දැක්කේ. ඒ කරලා පුතාලට කිව්වා. පුතයි මායි ආපහු ගියා. ඊට පස්සේ පුතා කිව්වා අහවලා කියලා. ඊයේ රාළහාමිලා මෙතනින් ගියා. යන ගමන් ඇහුවනේ ප්‍රේමසිරි කියලා කෙනෙක් දැක්කේ නැද්ද ඇහුවා. ඒ වෙලාවේ ගිහින් හෙව්වට හොයා ගත්තේ නෑ. එච්චරයි දන්නේ..’’
badalkumbura-si-premasiri

badalkumbura-si-premasiri

badalkumbura-si-premasiri

badalkumbura-si-premasiri

badalkumbura-si-premasiri


badalkumbura-si-premasiri