vavunia-incident

 වවුනියාව මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු පදිංචි නිවසට කඩාවැදී යකඩ පොලුවලින් පහරදී ඔහුගේ කකුලක් කඩා දැමූ බව කියන තිදෙනකු අත්අඩංගුවට ගැනීමට වවුනියාව මූලස්ථාන පොලිසිය පුළුල් පරික්ෂණ පවත්වාගෙන යයි.  පහරකෑමට ලක්වූ වෛද්‍යවරයා වවුනියාව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහුගේ කකුලක් අස්ථි බිදීමකට ලක්ව තිබෙන බවත් වවුනියාව මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක්   ඊයේ (02) පැවසීය. 



යකඩ පොලුවලින් පහර කෑමට ලක්වු වෛද්‍යවරයා හා විවාහක කාන්තාවක අතර පවතින බව කියන ඇසුරක් මෙම පහරදීමට හේතු වී ඇතැයි තොරතුරු ලැබී තිබෙන බව පොලිසිය කියයි.  පහරකෑමට ලක්වූ වෛද්‍යවරයාගේ  විවාහක බිරිඳ ද එම රෝහලේ සේවය කරන්නීය. මේ හේතුව නිසා වෛද්‍යවරිය හා ඇයගේ සැමියා අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්නේ යැයි කියන කාන්තාව අතර ද නිතර ආරවුල් හටගෙන ඒ හා සම්බන්ධ පැමිණිලි කිහිපයක් ද ලැබී ඒවා විභාග කර අධිකරණයටද තොරතුරු වාර්තාකර ඇතැයි පොලිසිය පවසයි.


-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-