
මුලතිව් කුරුඳුමලේ බෞද්ධ විහාරාසන්න ප්‍රදේශයේ කැණීම්වලින් හමු වී ඇත්තේ බෞද්ධ ස්තූපයක නටබුන්
නොවන බවත් ස්ථූපයක් යයි වරදවා වටහාගෙන ඇත්තේ හින්දු ශිව ලිංගයක් බවත් දෙමළ ජාතික
සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් සහ මුලතිව් ප්‍රාදේශීය දේශපාලනඥ ටී.රවිහරන් ප්‍රකාශ කොට තිබේ.
මෙම දෙදෙනාම පවසන්නේ බෞද්ධ ස්තූපයක් යනුවෙන් හැදින්වූ ස්ථානයෙන් හමු වී ඇත්තේ අට මුහුණැති ශිව ලිංගයක් බවත් අතීතයේදී මෙහි පිහිටා තිබුණේ ශිව කෝවිලක් වියහැකි බවත්ය.මේ නිසා වහාම එම අයිතිය හින්දු බැතිමතුන් වෙත ලබාදිය යුතු බවද දන්වා ඇත.
වැඩිදුරටත් ඉතිහාස කරුණු මතුකරන ඔවුහු හින්දු බැතිමතුන්ගේ ගෞරවාදරයට පත්වූ සිවන් අයියනාර් කෝවිල ලෙස මේ ප්‍රදේශය හැදින්වූ බව මතක් කර දෙති.
මේ ස්ථානයේ පුරා විද්‍යා කැණීම් පසුගිය ජනවාරී මාසයේදී ආරම්භ වූ අතර පුරා විද්‍යා නිලධාරීන් හමු වූ පුරාවස්තු නටබුන් අනුරාධපුර යුගයට අයත් බෞද්ධ ස්තූපයක් බව පවසා තිබුණි. දාගැබේ චත්‍රාවලිය නංවන්නට ආධාර කරඇති පැති අටකින් යුතු යූප ගල මේ ආකාරයට ශිව ලිංගයක් ලෙස වැරදියට හඳුන්වන්නට උත්සාහ කරන බව ඔවුනගේ මතයයි.
මේ ගැන පෙර වාර්තාව
මුලතිව්, කුරුන්දිමලෙයි පුරාවිද්‍යා භූමියෙන් අනුරාධපුර යුගයට අයත් දුලබ ස්ථූපයක කොටස්


Comments
Post a Comment
Your comment will be visible after approval