mulathiw-kurundumalei

මුලතිව්, කුරුදුමලෙයි නොහොත් කුරුන්දිමලෙයි පුරාවිද්‍යා භූමියේ සිදුකරන ලද කැණීම්වලින් මේ වනවිට අනුරාධපුර යුගයේ පළමු සහ දෙවන සියවස්වලට අයත්  පුරා ස්ථූපයක කොටසක් සහ ථූප ගලක් මතු කරගෙන ඇති බවට කැණීම් භාර පුරාවිද්‍යා නිලධාරිහු පවසති.  

කබොක් ගලින් සාදන ලද මෙම  ස්ථූපයේ උස දළවශයෙන් මලුවේ සිට මීටර් 6.70ක් පමණ වන අතර, මේ වනවිට මීටර් 3කටඋසකට දළ වශයෙන් මතුකරගන ඇති බවත්, ස්ථූපය තවත් පොළව යටට ඇති හෙයින් තිශ්චිතවම උසක් මෙතෙක් ප්‍රකාශ කිරීමට නොහැකි බවද ඊට අමතරව අඩි දෙකකට ආසන්න උසකින් යුතු යූප ගලක්ද  මතුකරගෙන ඇති අතර එයද  පොළව යටට තවත් ඇති බවට  කැණීම් භාර පුරාවිද්‍යා නිලධාරි පැවසූහ.

අක්කර 87ක භූමියක ඇති මෙම පුරාවිද්‍යා නටඹුන් 2020 නොවැම්බර් මස 26, 27 සහ 28 දිනයන්හි පුරාවිද්‍යා නිලධාරීන් විසින් පළමුව අනුරාධපුර අවසන්  යුගයට අයත් යයි පැවසෙන පුරාතන සෙල් ලිපියක් ගඩොලින් කරන ලද ස්ථූපයක් ඇතුළු ශිලා කුලුනු, සඳකඩ පහන් වැනි නටඹුන්  රැසක් සොයාගෙන තිබෙන අතර, පසුව සිදුකළ කැණීම්වලදී  මෙම කබොග්ගලින් නිර්මාණය වූ ස්ථූපයක් සහ යූප ගලක් සොයාගෙන තිබේ. කෙසේ වෙතත් මේ වනවිට අදාළ  ස්ථානයේ කැණීම් කටයුතු ආරක්ෂක අංශවලද සහාය දක්වා තිබේ.




කැණීම් කටයුතු නවතන ලෙසට දෙමළ ජාතික සන්ධානය ඇතුළු  දෙමළ පක්ෂ කිහිපයක් විසින් වීරෝධතාවල නිරත වෙති. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්  මහාචාර්ය අනුර මනතුංග මහතා පවසා සිටියේ, උතුරු, නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන වැඩි ප්‍රමාණයක් හානි සිදුව ඇති අතර ඒවා යුද්ධය හේතුවෙන් හෝ නිධන් සොරුන් විසින් හානි සිදුකර ඇත්දැයි යන්න  සොයා බලන බවයි. ජනතාව  කිසිවිටකත් මෙම කැණීම්වලට විරෝධයක් පළ නොකරන අතර, කැණීම් සදහා විරෝධය පල කරන්නේ සුළු පිරිසක් පමණක් බවත්ය.


 -මධුෂංඛ අමරසිංහ-

mulathiw-kurundumalei

mulathiw-kurundumalei