eppawala doctor arrested

එප්පාවල නගරයේ වෛද්‍ය මධ්‍යස්ථානයක සේවයේ නියුතු වූ තරුණියකට අපයෝජනය සිදුවන අයුරින් අසැබි ක්‍රියාවක නිරතවූ බවට චෝදනා ලැබූ රජයේ වෛද්‍යවරයෙකු පෙරේදා (09දා) රාත්‍රියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් සැකපිට අත්අඩංගුවට ගත් බව එප්පාවල පොලීසිය පවසයි. 

අවිවාහක තරුණියට සැකකාර වෛද්‍යවරයා පුහුණුවක් ලබාදෙන ආකාරයෙන් කටයුතු කර ඇගේ පාදයක් ස්පර්ශ කරමින් අපයෝජනය සමගම  අසැබි ක්‍රියාව සිදුකර තිබෙන බවට ලද පැමිණිල්ලක් මත සකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබේ.


සැකකාර වෛද්‍යවරයාගේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ අදාළ තරුණිය සේවයකර තිබෙන බවත්, තරුණිය  සේවය කරමින් සිටියදී වෛද්‍යවරයා ඖෂධ පිළිබදව පාඩමක් උගන්වමින් ඇගේ පාදය මිරිකා පසුව ඇස් වසාගන්නා ලෙස දන්වා තිබෙන අතර, තරුණිය දෑස් වසාගෙන සිට ස්වල්ප වේලාවකින් දෑස් විවර කරද්දී ඔහු කිසියම් ක්‍රියාවක නිරතවන අයුරු දැක බියට පත්ව ආයතනයෙන් පිටතට ගොස් තිබෙන බවත් පැමිණිල්ලේ වැඩිදුරටත් සදහන් වේ. වෛද්‍යවරයා සිදුකළ ක්‍රියාව තරුණිය විසින් දෙමාපියන්ටත් පවසා තිබෙන අතර පසුව පොලිස්ථානයට ඒ පිළිබඳව පැමිණිලි කර තිබුණි.  සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඒ.ඒ.පී රෝහණ අධිකාරි මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරිහු වැඩිදුර පරික්ෂණ පවත්වති.

 -තිසර සමල්-