ලංකාවේ බොහෝ ප්‍රදේශවල  පාසල් ආරම්හ කළත් පාසල් ප්‍රවාහන රථවලට ප්‍රමාණවත් තරම් සිසුන් නොමැතිවීම නිසා ප්‍රවාහන රථ හිමියන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය සඳහන් කරයි.  පාසල් ප්‍රවාහන රථ භාවිත නොකර තමන්ගේ පෞද්ගලික  වාහනවලින් පාසලට
පැමිණෙන ලෙසට සමහර විදුහල්පතිවරුන් විසින් සිසුන් දැනුවත් කිරිම් සිදුකරන බවට වාරිතාවන බවත් මිට අමතරව සමහර ගුරුවරුන් විසින් සිසුන්ට පාසල් නොපැමිණෙන ලෙසට දැනුවත් කරන බවට වාර්තාවන බවත් එම සංගමයේ සභාපති හරිස්චන්ද්‍ර පද්මසිරි මහතා සඳහන් කළේය.


මේ පිළිබඳ ඊයේ (12) අධනපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාට පැමිණිලි කළ බවද ඒ මහතා පවසා සිටියේය.  ගුරු විදුහල්පතිවරුන්ගේ දැනුම්වත් කිරීම නිසා පාසල් ප්‍රවාහන රථවලට සිසුන් අඩුවී තිබෙන බවත්, මේ නිසා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ පිළිබඳ අවධානය යොමු කර අවශ්‍ය කටයුතු කළ යුතු බවත් හරීස්චන්ද්‍ර පද්මසිරි මහතා සඳහන්  කළේය.


කෝවිඩ්-19  තත්ත්වයෙන්  සිසුන් ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළක් යටතේ තම සංගමයේ සාමාජිකයන්ගේ ළමුන් ප්‍රවාහන රථ ධාවනය කරන බවත්, දැනට තිබෙන තත්වය අනුව සමහර රවලට දෛනික ඉන්ධන වියදම පියවා ගැනීමටවත් දෛනික ආදායමක් නොමැති බවත් ඒ මහතා පවසා සිටියේය.  මේ නිසා රජය මේ පිළිබඳ අවධානය යොමුකර පාසල් ප්‍රවාහන සේවා පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සහයෝගය කඩිනමින් ලබාදිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.


එච්.අයි. තුෂාර