
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු - ජන ව්‍යාපාරය කොළඹ විජේරාම මාවතේ පිහිටි අගමැති නිල නිවස ඉදිරිපිට ඊයේ (12 වැනිදා) දහවල් පැවැත්වූ උද්ඝෝෂණයට එක්ව සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු රත්කරැව්වේ ජිනරතන හිමි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.
‘ඉසඩ් ලකුණු නිකුත් කිරීමේ දී අසාධාරණයට ලක් වූ සියලුම සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීම’ හා ‘අධ්‍යාපනයට වෙන් කර ඇති ප්‍රතිපාදන වැඩි කිරීම’ යන ඉල්ලීම් ඉදිරිපත් කරමින් මෙම සිසුහු උද්ඝෝෂණයේ යෙදුණහ. ඔවුන් උද්ඝෝෂණයේ යෙදුණේ ශබ්ද විකාශන යන්ත්‍ර ද උපයෝගී කර ගනිමිනි.
රත්කරැව්වේ හිමියන් අත්අඩංගුවට ගත්තේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත නොකරන ලෙසට පොලිසිය කළ දැනුම් දීම ද නොතකා උද්ඝෝෂණයේ යෙදීම නිසාය. උන්වහන්සේ අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී සිසුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූ නමුත් එම විරෝධය නොතකා රත්කරැව්වේ හිමියන් වෑන් රථයකට නංවා රැගෙන යනු ලැබිණි.
පොලිසිය කැඳවුම්කාර හිමියන් රැගෙන යාමෙන් පසුව ද උද්ඝෝෂණයේ යෙදුණු සිසුහු ඊයේ සවස් වන තුරුත් නිල නිවස ඉදිරිපිට රැඳී සිටියහ. අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී උන්වහන්සේගෙන් පොලිසියට විරෝධය එල්ල වූ ආකාරය ඡායාරූපයේ දැක්වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval