
අඛණ්ඩව දින 14 කට වැඩි කාලයක් හුදෙකලා කර ඇති ප්‍රදේශවල පාරිභෝගිකයින්ගේ විදුලි බිල්පත් ගෙවීමට මාස 6 ක සහන කාලයක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව ගෘහස්ත, වාණිජ සහ කාර්මික විදුලි පාරිභෝගිකයින්ට එම කාල සීමාවට අදාළ විදුලි බිල්පත් නිරවුල් කිරීම සඳහා බිල්පත් දිනයේ සිට මාස 6ක සහන කාලයක් ලබා දෙනු ඇති.
එතෙක් විදුලි සැපයුම විසන්ධි නොකෙරෙනු ඇති.
මීට අමතරව සිනමා ශාලාවල සහ සංචාරක නවාතැන්පොළවල්ව විදුලි බිල් ගෙවීමේදී ද සහන කාලයක් ලබා දී තිබේ.
ඒ අනුව ජාතික චිත්‍රපට සංස්ථාවේ ලියාපදිංචි සිනමා ශාලාවල 2020 මාර්තු සිට දෙසැම්බර් දක්වා වන විදුලි බිල්පත් බිල්පත් දිනයේ සිට සමාන වාරික 12කින් නිරවුල් කිරීම සඳහා අවස්ථාව සලසා දී ඇති අතර එතෙක් විදුලි සැපයුම විසන්ධි නොකෙරෙනු ඇති.
එමෙන්ම සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි නවාතැන්පොළවල්වලට ද මෙම සහනය හිමිවේ.
එකී නවාතැන්පොළවලට අදාළව 2020 මාර්තු 1 සිට 2021 පෙබරවාරි 28 දක්වා එකතු වී ඇති විදුලි බිල්පත් සමාන වාරික 12කින් නිරවුල් කිරීම සඳහා අවස්ථාව ලබා දෙන අතර එතෙක් විදුලි සැපයුම විසන්ධි නෙකෙරෙනු ඇති.
Comments
Post a Comment
Your comment will be visible after approval