COVID-19 වෛරසයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදයේ Pfizer's සමාගම සහ ජර්මනියේ BioN Tech සමාගම් එක්ව නිර්මාණය කළ එන්නත ලබාදුන් ඇතැම් පිරිස් තුළ සංකුලතා හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඒ අනුව එම පිරිස් තුළ අතුරු ආබාධ ලෙස හිසරදය වැනි තත්ත්වයන් ඇතිවූ බවත්
කෙසේ වෙතත් Pfizer's සමාගම පසුගියදා නිකුත් කළ නිවේදනයකට අනුව එම සමාගමේ එන්නතේ සිදුකළ මූලික අත්හදා බැලීම්වල ප්‍රතිඵලවලට අනුව එය COVID-19 වෛරසයට එරෙහිව 90%ක සාර්ථකත්වයක් පෙන්වන බව පවසා තිබුණි. මේ වනවිට එම එන්නත තෙවැනි සායනික අදියරේ පසුවන අතර, මේ දක්වා රටවල් 6ක ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූවන් 43,500දෙනෙකු වෙනුවෙන් එන්නත ලබාදී තිබේ.
කෙසේ වෙතත් මෙම අත්හදා බැලීම සඳහා ඉදිරිපත් වූ එක්සත් ජනපදයේ ටෙක්සාස් නුවර පදිංචි එක් අයෙකු, එනතෙන් ඇති වූ අතුරු ආබාධය මත්පැන් පානයෙන් පසුව හිසෙහි ඇති වන ව්‍යාකූලතාව හා දරුණු අවස්ථාවක් වූ බව පවසා තිබේ. එසේම 45 හැවිරිදි තවත් කාන්තාවක මෙම එන්නතේ දෙවැනි මාත්‍රාව විද ගැනීමෙන් අනතුරුව තමන්ට උණ, සිරුරේ කැසීම් සහ හිසෙහි රුදාව ඇති වූ බව පවසා තිබේ. ඇයට පළමු වැනි මාත්‍රාව පසුගිය සැප්තැම්බර් මාසයේදී විද ඇති අතර, දෙවැනි මාත්‍රාව ඔක්තෝබරයේදී විද තිබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval