කොළඹ, ගල්කිස්ස ප්‍රදේශයේ ගාලු පාරට සමීප අතුරු මාර්ගයක තිබී පුද්ගල මළ සිරුරක් අද (13) පෙරවරුවේ සොයා ගෙන තිබේ.
ගල්කිස්ස පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මෙම පුද්ගල මළ සිරුර අද පෙරවරුවේ සොයා ගැනිණ.
මෙලෙස මිය ගොස් ඇත්තේ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 80 ක පුද්ගලයෙකි.
කෙසේ වෙතත් දේහය මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර මරණය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Comments
Post a Comment
Your comment will be visible after approval