පානදුර ප්‍රදේශයේ වෙළෙඳ සලක් ඉදිරිපිට ඊයේ (12) දහවල් ඇදවැටුණු පුද්ගලයකු රෝහල් ගතකිරිමෙන් පසු මියගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ පානදුර, තන්තිරිමුල්ල,
මෙම ඇදවැටීමෙන් පසුව ඔහු සිය ඥාතියා සමග කතාබහ කර ඇති අතර, ත්‍රිරෝද රථයකින් පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇතත් රෝහල්ගත කිරිමේදී මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. මෘත දේහය පානදුර මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර, පී.සී.ආර්. පරික්ෂණයක් සිදුකිරිමට නියමිත බැව් පැවසේ.
-සුමිත් ප්‍රේමතිලක-

Comments
Post a Comment
Your comment will be visible after approval