කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටිය දී කොළඹ IDH රෝහලෙන් පළාගිය කාන්තාව සොයා ගැනීම සඳහා පොලීසිය ජනතාවගෙන් සහයෝගය ඉල්ලා සිටියි.
25 හැවිරිදි ඇහැළියගොඩ පදිංචි මෙම කාන්තාව
ඊයේ රාත්‍රීයේදී සිය වයස අවුරුදු දෙකහාමාරක් පමණ වයසැති දරුවා ද සමග රෝහලෙන් පළාගොස් බස් රථයක නැගී ඇහැළියගොඩ නිවසට ගොස් තිබූ අතර අනතුරුව දරුවා එහි දමා එම නිවසින්ද අතුරුදන්ව ඇත.
අද (20) උදෑසන පොලීසිය දරුවා සොයාගෙන නැවත රෝහල් ගත කිරීමට අවශ්‍ය කටයුතු යෙදූ නමුත් තවම දරුවාගේ මව හමුවී නැත.
25 හැවිරිදි ජයසිංහ මුදියන්සේලාගේ රුවනි නිසංසලා කරුණාරත්න නමැති එම කාන්තාව මහා පරිමාණ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ හා එයට ඇබ්බැහිවූ තැනැත්තියක බව ද ඇය රෝහලේ සිටියදී මත්ද්‍රව්‍ය උවමනාවී ඉක්මණින් පිටත්ව යාමට අවශ්‍ය බව දක්වමින් ඇවටිලි කළ බවද පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
පොලීසිය සඳහන් කළේ. ඇය සොයා ගැනීම සඳහා මහජන සහය අවශ්‍ය බවයි. පළාගිය කාන්තාවගේ ඡායාරූපයක් මේ සමග දැක්වේ.
සිද්ධිය ගැන පෙර වාර්තා

Comments
Post a Comment
Your comment will be visible after approval