
කිරුළපන ප්‍රදේශයේ පදිංචිව සිටින ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන විල්සන් කරූ නිරෝධායන නීති කඩ කරමින් පොලිස් රාජකාරියට බාධා කළ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වූ සිදුවීමක් වාර්තාවේ.
පොලිසිය සඳහන් කර ඇත්තේ විල්සන් කරු මහතා මුව ආවරණයක් නොමැතිව රුපියල් පන්දාහේ ආධාරය ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ පොලිස් නිලධාරීන්ගේ අවවාද නොරුස්සමින් පහර දීමට උත්සාහ කළ නිසා ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවකි.
කිරුළපන පොලිසිය සැකකාර රංගන ශිල්පියා පොලිසියට රැගෙන ගොස් මේ වන විට ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින බවද වාර්තා විය.
සිද්ධිය සම්බන්ධයෙන් කිරුළපන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval