
9.15 update
අයිඩීඑච් රෝහලෙන් පළාගිය මව හා පුතු ගැන වැඩි විස්තර මේ වනවිට වාර්තාවේ. මේ කියන මව වයස 25 ක්වූ ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇයගේ පුතුට වයස දෙකහමාරකි. ඔවුන් කොරෝනා ආසාදනයවී ඇති බවට හඳුනාගැනීමෙන් පසු මීට දින කිහිපයකට පෙර අයිඩීඑච් රෝහලට ඇතුළත් කර තිබුණි. කෙසේ වෙතත්
මෙම මව දිගින් දිගටම රෝහලේ සිටීමට අකැමැති බවටත් ඉක්මණීන් ගෙදර යායුතු බවටත් හෙදියන්ට දන්වා තිබුණි.කොළඹ IDH රෝහලෙහි කාර්ය මණ්ඩලය අවම අවධානයක් පවතින අවස්ථාවක් බලා මේ කියන මව ඊයේ රාත්‍රී 9.10ට පමණ මෙම දරුවාද රැගෙන පළායාම සිදු කර තිබුනේ සැලසුම් සහගතවය. අනතුරුව ඇය රාත්‍රියේම බස් රථයකින් සිය නිවස කරා ගොස් ඇත. පළා ගිය ආසාදිත මව ඇහැලියගොඩ පිහිටි ඇගේ නිවසට ගොස්, දරුවා නිවැසියන්ට භාර දී එතැනින්ද පළා ගොස් සැඟවී ඇති බවද වාර්තා විය.
අද උදෑසන එම ලිපිනය ඔස්සේ කළ සෝදිසියේදී දරුවා හමුවූ අතර මව සොයාගන්නටද පොලිස් කණ්ඩායමක් පිටත්ව ගොස් ඇත. මේ වනවිට දරුවා සිටි නිවසේ සාමාජිකයන් නිරෝධායනයට යොමු කර ඇතැයි වාර්තා විය.
8.30 update
මව සමඟ IDH රෝහලෙන් පලාගිය කොරෝනා ආසාදිත පුත්‍රයා, ඇහැලියගොඩ යාය පාර ප්‍රදේශයේ
නිවසක සැඟව සිටියදී සොයාගත් බව පොලීසිය වාර්තා කර තිබේ.නමුත් මව පළාගොස් ඇත.
7.45 update
කොවිඩ් - 19 වෛරසය ආසාදනය වීමෙන් IDHහි ප්‍රතිකාර ලබමින් සිටි දෙදෙනෙක් රෝහලෙන් පැනගොස් ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඊයේ (19) රාත්‍රී 9.10ට පමණ ප්‍රතිකාර ලබමින් සිටි ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි මව සහ පුතා මෙලෙස රෝහලෙන් පැනගොස් තිබේ.
ඔවුන් සොයා ගැනීම සඳහා මේ වන විට වැඩිදුර විමර්ශන කටයුතු පොලීසිය විසින් ආරම්භ කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval