බස්නාහිර පළාතේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව12,418ක් දක්වා වැඩි වී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.
ඉකුත් ඔක්තෝබර් මස 04 වැනිදා සිට ආරම්භ වූ මෙරට දෙවන කොරෝනා රැල්ල ආශ්‍රිත හඳුනාගත් ආසාදිතයන් අතුරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් 6,141ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 5,667ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 610ක් වශයෙන් ද රෝගීන් වාර්තා වන බව එම මධ්‍යස්ථානය පවසයි.
ඊයේ (19) පෙරවරු 6න් අවසන් වූ පැය 24 තුළ මෙරටින් වාරතා වූ කොරෝනා රෝගීන් 327 දෙනා අතරින් කොළඹ දිස්ත්‍රික්කයේ රෝගීන් 157ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 111ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 02ක් වශයෙන් අලුතින් රෝගීන් වාර්තා වී ඇති බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක 22හිම ඊයේ (19) දින පෙරවරු 6න් අවසන් වූ පැය 24 තුළ වාර්තා වී ඇති කොරෝනා රෝගීන් ගණන 1,421කි.
රත්නපුර දිස්ත්‍රික්කයෙන් 133ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 183ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් 52ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 65ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 245ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 50ක්, මාතර දිස්ත්‍රික්කයෙන් 28ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් 36ක්, නුවර දිස්ත්‍රික්කයෙන් 278ක්, කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් 03ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 139ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් 30ක්, මන්නාරම දිස්ත්‍රික්කයෙන් 10ක්, වව්නියාව දිස්ත්‍රික්කයෙන් 14ක්, අම්පාර දිස්ත්‍රික්කයෙන් 21ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 12ක්, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 71ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් 04ක්, මොණරාගල දිස්ත්‍රික්කයෙන් 08ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 20ක්, මුලතිව් දිස්ත්‍රික්කයෙන් 01ක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් 18ක් වශයෙන් ඊයේ (19) පෙරවරු 6න් අවසන් වූ පැය 24 තුළ මෙරට අනෙකුත් දිස්ත්‍රික්කවලින් කොරෝනා ආසාදිතයන් වාර්තා වී තිබිණි.
දිවයිනේ දිස්ත්‍රික්ක 14කින් ඉකුත් දින කිහිපය තුළදී කොරෝනා ආසාදිතයන් කිසිවකු වාර්තා වී නැති බවද එම මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව මහනුවර, කිලිනොච්චිය, කෑගල්ල, මාතලේ, මන්නාරම, වව්නියාව, අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව, පොළොන්නරුව, මොනරාගල, හම්බන්තොට, මුලතිව් සහ යාපනය යන දිස්ත්‍රික්කයන්හි ඉකුත් දින කිහිපය තුළදී කොරෝනා ආසාදිතයන් වාර්තා වී නොමැති බවද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ දිස්ත්‍රික්ක අතුරින් මුලතිව් දිස්ත්‍රික්කයේ එක් ආසාදිතයකු ද, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ආසාදිතයන් තිදෙනකු ද වශයෙන් කලින් වාර්තා වී ඇති අතර දිවයිනේ අඩුම ආසාදිතයන් වාර්තාවන අනෙක් දිස්ත්‍රික්කය වන්නේ පොලොන්නරුව දිස්ත්‍රික්කයයි. එහි ආසාදිත සංඛ්‍යාව 04කි.
- නිමන්ති රණසිංහ-


