දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි සිට කොළඹට වැලි ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය යොදා ගැනීම සම්බන්ධයෙන් මූලික සාකඡාවක් පෙරේදා (19) මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙම සාකච්ඡාවට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ, ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ, මහවැලි කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්,
වැලි ප්‍රවාහනය සඳහා දුම්රිය යොදා ගැනීමෙන් සහනදායක මුදලකට වැලි වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකි බව සාකච්ඡාවට සහභාගි වී සිටි නිලධාරිහු අමාත්‍යවරුන්ට පෙන්වා දුන්හ. ලොරි රථ මගින් වැලි ප්‍රවාහනය කිරීමේ දී මාර්ග අනතුරු ඉහළ යාම, පාරිසරික බලපෑම, ඉන්ධන සඳහා ඉහළ පිරිවැයක් දැරීම, මහාමාර්ග විශාල වශයෙන් අබලන් වීම හමුවේ හැකිතාක් විකල්ප භාවිත කිරීම සුදුසු බවට සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.
-රේඛා තරංගනී ෆොන්සේකා-

Comments
Post a Comment
Your comment will be visible after approval