මෙම වසර සහ ලබන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත් දෙකක් අගමැති හා මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (20) ඉදිරිපත් කරනු ලැබීය. පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට
මින් එක් විසර්ජන පනත් කෙටුම්පතක් මේ වසරේ (2020) මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා ඉදිරිපත් කෙරුණු අතර අනෙක් විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරුණේ ලබන වසරේ (2021) මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහාය. මේ විසර්ජන පනත් කෙටුම්පත් පිළිබඳ විවාදය ඉදිරියේ දී පැවැත්වීමට නියමිතය. අයවැය ලේඛනය මුදල් ඇමැතිවරයා විසින් ලබන නොවැම්බර් මස 17 වැනිදා මැතිසබයට ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය.
-සුජිත් හේවාජුලිගේ-

Comments
Post a Comment
Your comment will be visible after approval