7.50 pm update

20වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී ඡන්ද විමසීම පස්වරු 7.36 ට පමණ ඉලෙක්ට්‍රොනික ක්‍රමයට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැතිවිණි. එහිදී ඒ ඒ මන්ත්‍රීවරු තම ආසනවල සිට ඡන්දය දක්වන යතුරු ක්‍රියාත්මක කරන ලදි.එලෙස ඡන්ද පළ නොකළ අය නම කියා පක්ෂ විපක්ෂ බව දන්වා සිටින ලදි. අවසානයේ ඡන්දයේ ප්‍රතිඵලය කතානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශයට පත් කළේය. 
පැමිණීම -213
 පක්ෂව ඡන්ද - 156
 විපක්ෂව ඡන්ද - 65


 ඒ අනුව 20 වන ව්‍යවස්ථා සංශෝධනය 2/3 ට වැඩි ප්‍රමාණයක් ලබාගත් අතර 150 ට ඡන්ද වැඩි ඡන්ද 6කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය.
දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැලකී සිටි බවත් රවුෆ් හකීම් හා රිෂාද් බදියුදීන්ගේ පක්‍ෂවල මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙක් හා සමගි ජනබලවේග මන්ත‍්‍රීනී ඩයනා ගමගේ පක්‍ෂව ඡන්දය දුන් බවත් වාර්තා විය.

7.10 pm update

20 වන ව්‍යවස්ථා සංශෝධනයේ අවසන් අදියරේ විවාදය ඉතාම උණුසුම් මුහුණවරක් ගෙන තිබේ. විපක්ෂය නියෝජනය කරන මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන්ගෙන් කෙනෙකු (SLMC MP Nazeer Ahmed)කළ කතාවකදී සවස 7 ට පමණ පසුගිය

ආණ්ඩුව විවේචනය කරමින්
නව රජය ගැන ප්‍රසාදයෙන් කථා කළ අතර ඒ අනුව මුස්ලිම් මන්ත්‍රීවරුන් පිරිසක් මෙවර ඡන්දයේදී රජයට පක්ෂපාතීත්වය ප්‍රකාශ කරනු ඇතැයි ඉඟි ලැබිනි. මේ නිසා ඉන්පසු කතා කළ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා දන්වා සිටියේ සිංහල බෞද්ධ බහුතරයකින් පත්වූ ආණ්ඩුව අවසානයේ මුස්ලිම් බහුතරයෙන් ගොඩ යන්නට උත්සාහ කරන බවයි. විවාදය තවම පවතී.


6.40 pm update


20වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණි බව වාර්තා විය.