අප්‍රේල් 21 සිදු වූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට සහරාන් හෂීම්ගේ බිරිඳ අද උදේ පැමිණි අතර අද උදෑසන සිට පැය ගණනාවක් ඇයව ප්‍රශ්න කරනු ලැබීමෙන් අනතුරුව

සහරාන් හෂීම්ගේ බිරිඳ සහ තවත් 05 දෙනෙකු නොවැම්බර් 04 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙයි.


සහරාන් හෂීම්ගේ බිරිඳ පළමු වරට අද (22) දින ජනාධිපති කොමිෂන් සභාවට පැමිණි අවස්ථාවේ මෙම සිදුවීම සිදුව තිබේ.

මෙම පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සංවිධානය කල අන්තවාදී මුස්ලිම් සංවිධානයේ ප්‍රධාන සංවිධායක මෙන්ම කොළඹ ශ්‍රැංගිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා ගත බෝම්බකරු වන්නේද සහරාන් හෂීම්ය.