20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ ඇතුළු සමගි ජනබලවේගයට සහය පළ කරන දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරු 08 පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබේ.
මෙම 8 දෙනාගේ ඡන්ද නොලැබ ගියේ නම් එකතුව 148 වන අතර තුනෙන් දෙකේ බහුතරය නොලැබේ,
සමගී ජනබල වේගය පක්ෂයේ : ඩයනා ගමගේ, ඒ. අරවින්ද් කුමාර් සහ ඉෂාක් රේහෙමාන් යන මන්ත්‍රිවරුන්.
මුස්ලිම් ජාතික සන්ධානය: AASM රහීම් මන්ත්‍රීවරයාෙ
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය : නසිර් අහමඩ්, ෆයිසාල් කාසීම්, HMM හාරිස් සහ MS තව්ෆික් යන මන්ත්‍රීවරුන්මෙලෙස ඡන්දය ප්‍රකාශ කිරිම සිදු විය.

දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් මහතා

හා රවුෆ් හකීම් ඊට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ නමුත්  රවුෆ් හකීම් හා රිෂාද් බදියුදීන්ගේ පක්‍ෂවල මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙක් මේ ආකාරයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.

ඡන්ද විමසීමට ආසන්න අවස්ථාවේ කතාවක් කළ රවුෆ් හකීම් සිටින මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ නසීර් අහමඩ් තමන් රජයට පක්ෂපාතී බවට ඉඟි කළ අතර එම අවස්ථාවේ ඔවුන්ගේ වෙනස හෙළි විය.

මෙම ඡන්ද විමසීමේදී දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැලකී සිටි බවත් පාර්ලිමේන්තු ආරංචි හෙළි කරන ලදි.

හිටපු ජනාධිපති, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටි බව වාර්තා විය. කෙසේ වෙතත් ශ්‍රිලනිප කන්ඩායම විස්සට කැමැත්ත පළ කරන ලදි.