අද (26) සහ හෙට යන දෙදින තුල පාර්ලිමේන්තු පරිශ්‍රය සම්පුර්ණයෙන්ම විෂබිජ හරණයට ලක් කිරීම සදහා පරිශ්‍රය වසා තැබීමට තීරණය කල බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියේය.
ඒ අනුව පාර්ලිමේන්තුවේ සේවය කරන සියලුම සේවකයන් අද සහ හෙට පැමිණිය යුතු නැති බවත් අනිද්දා සිට යලිත් රාජකාරි කටයුතු සදහා පැමිණිය යුතු බවත් එමගින් දන්වා සිටින ලදී.
එමෙන්ම මේ වනවිට පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් රැඳී සිටින ශ්‍රී ජයවර්ධනපුර කඳවුර හුදෙකලා කිරීමට තීරණය කර ඇති බවද වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියේය.
ඒ එම කඳවුරේ මුළුතැන්ගෙයි සේවකයෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගය.
ඒ අනුව පාර්ලිමේන්තුවේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ මුලස්ථානයෙන් විශේෂ කණ්ඩායමක් යෙදවීමට කටයුතු කල බව නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පවසන ලදී.

Comments
Post a Comment
Your comment will be visible after approval