ලෝක ළමා දිනය හා රිජ්වේ ආර්යා ළමා රෝහළට වසර එකසිය විසි පහක් සපිරීම නිමිත්තෙන් මහල් නවයකින් යුත් දැඩි සත්කාර හා ශල්‍ය වාට්ටු සංකීර්ණයේ
ඉදිකිරීම් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ විය. ඇට‌ මිදුළු බද්ද කිරීමේ ඒකකය හා නව ශල්‍යාගාර සංකීර්ණය විවෘත කිරීම ද මීට සමගාමීව සිදුවිය. රිජ්වේ ආර්යා ළමා රෝහලේ නිල වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම හා ඩිජිටල් සායන ක්‍රම ස්ථාපනය කිරීම ද අග්‍රාමාත්‍යවරයා අතින් සිදුවුණා.

රටේ සෑම පළාතක ම ළමා රෝහළක් ඉදිවිය යුතු බව තමන් තරයේ විශ්වාස කරන්නේයැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළා.
හෙද නිලධාරිනි ජී.එච්.ජේ. හේවගේ මහත්මිය රචිත කළුවර අහසට සද පායලා කෘතිය අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වූ අතර ලිටිල් හාර්ට් අරමුදලට සූජිකල් නිෂ්පාදන පෞද්ගලික ආයතනයේ සභාපති  කලණ හේවා මල්ලිකා මහතා රුපියල් ලක්ෂ හතක මුදලක් මෙහිදී පරිත්‍යාග කළා. මෙහිදී අදහස් දැක්වූ ඇමතිනී පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය

එක් පළාතකට එක් ළමා රෝහල බැගින් සංවර්ධනය කොට පවත්වාගෙන යාම කෙරෙහි රජයේ අවධානය  යොමු වී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සදහන් කළේය.