ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් වන රාහුල් ගාන්ධි සහ ප්‍රියංකා ගාන්ධි උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේදී අත්අඩංගුවට ගෙන තිබේ.හිටපු අගමැති රජීව් ගාන්ධිගේ දරුවන් වන ඔවුන්
අයුතු ජනරාශී චෝදනා මත ඔවුන් අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.



ඉන්දීය කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි මහතා සහ ප්‍රියංකා ගාන්ධි මහත්මිය අද (01) ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 188 වන වගන්තිය යටතේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය NDTV නාලිකාව වාර්තා කර තිබේ.
පසුගිය අඟහරුවාදා 22 හැවිරිදි තරුණියක් සහ 19 හැවිරිදි තරුණියක් සමූහ දූෂණය කර මරා දමා තිබූ අතර ඊට විරුද්ධව ඉන්දියාව පුරා විරෝධතා ඇතිවිය.
ගාන්ධි සොයුරු සොයුරි දෙපළ සමූහ දූෂණයට ලක් වී මියගිය අයගේ පවුලේ අය හමුවීම සඳහා හත්‍රාස් බලා යමින් සිටියේ විශාල රැස්වීම් තහනම් කරමින් පනවා තිබූ තහනම් නියෝග නොසලකා හරිමින් බව දක්වා මෙම අත්අඩංගලුවට ගැනීම සිදු කර ඇත.

දිල්ලිය සහ උත්තර් ප්‍රදේශ් අතර අධිවේගී මාර්ගයේදී ඔවුන්ව පොලිසිය විසින් නවතාගත් අතර අත්අඩංගුවට ගැනීමේදී තමන්ව අත් අඩංගුවට ගන්නේ කුමන පදනමක් යටතේ දැයි රාහුල් ගාන්ධි මහතා වාදයකද දනිරතවූ බව වාර්තා විය.