රක්ෂිත බන්ධනාගාරගතවූ පසුව නිරෝධායනය වෙමින් සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අද පෞද්ගලික සෞඛ්‍යාරක්ෂිත රක්ෂක ඇඳුමක් (PPE) ඇඳ පාර්ලිමේන්තුවට පැමිණියේය.
20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඡන්ද විමසීම අද පැවැත්වීමට නියමිත නිසා අද සහ හෙට දෙදින තුළ ඔහු පාර්ලිමේන්තුවට කැඳවන ලෙසට කතානායකවරයා දැනුම් දී තිබිණි. රිෂාඩ් බදියුදීන් මහතාට අසුන් ගැනීම සඳහා වෙන් කළ අසුනක් සපයා ඇති බව ද වාර්තා විය.
පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව සභා ගර්භයට පැමිණීමේදී ඇඳිය යුතු ක්‍රමවේදයක් පවතින නමුත් කොරෝනා හේතු සාධක දක්වා මොහු පැමිණියේ මෙම විශේෂ ඇඳුමෙනි.

Comments
Post a Comment
Your comment will be visible after approval