කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පැන නගින  ඕනෑම ගැටළුවක් විසඳා ගැනීම සඳහා මහජනතාව
වෙනුවෙන් පැය 24 ම ක්‍රියාත්මක දුරකථන අංකයක් හඳුන්වාදීමට සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය පියවර ගෙන තිබෙයි.


ඒ අනුව 1999 යන සුවසැරිය ක්ෂණික දුරකථන අංකය අමතා නව්‍ය කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පැන නගින  ඕනෑම ගැටලුවක් විසඳා ගත හැකි බව කාර්යංශය සඳහන් කර තිබේ.
සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා 03 න්ම අවශ්‍ය තොරතුරු ලබාදීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් හා වෛද්‍යවරුන් සේවයේ යොදවා ඇති බව ද සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය වැඩිදුරටත් සඳහන් කර ඇත.