බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු බන්ධනාගාර නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජියකුවන ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් "පොඩි ලැසී” නමැති සැකකරු ලබන 25 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාට ඊයේ නියෝග කළේය. මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ දී
අධිකරණයටත් ඒ අවට ප්‍රදේශයටත් විශේෂ ආරක්ෂාවක් සපයන ලෙස ද මහේස්ත්‍රාත්වරයා දකුණු පළාත භාර නියෝජප පොලිස්පතිවරයාට නියෝග කළේය. ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් 'පොඩි ලැසී" යන සැකකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙසට ද බන්ධනාගාර අධිකාරිවරයාට අධිකරණයෙන් තවත් නියෝගයක් නිකුත් විය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් 'පොඩි ලැසී" සහ තාරක පෙරේරා නොහොත් කොස්ගොඩ තාරක" යන දෙදෙනාම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවන් ලෙස නම් කරනු ලැබූහ.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බුද්ධික ජයසේකර මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් මගින් පළ කරනු ලැබූ අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් විය. පැමිණිල්ල වෙනුවෙන්, නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා, එහි මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික ජයසේකර මහතා, පොලිස් පරික්ෂක පොල්වත්ත යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියහ.
නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනි සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ රැඳවියන් පිරිසක් දින කිහිපයක සිට ආහාර වර්ජනයක් ආරම්භ කර සිටි බවත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා බන්ධනාගාර නිලධාරීන් ඉකුත් ජුනි මස 26 වැනිදා බුස්ස බන්ධනාගාරයට ගොස් සිටිය දී මෙම සැකකරුවන් දෙදෙනා නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කර ඇති බවය. එහිදී ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් ‘පොඩි ලැසී’ නමැති පාතාල ක්‍රියාකාරිකයා එම නිලධාරින්ට මෙන්ම ජනාධිපතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාටත් ඔවුන්ගේ පවුල්වල අයටත් ප්‍රසිද්ධියේම මරණීය තර්ජන එල්ල කර ඇති බවත්, අධිකරණ නියෝග මත රඳවා සිටින මෙම පුද්ගලයන් මැර බලය අවි බලය සමග රජයේ නිලධාරින්ට එලෙස ප්‍රසිද්ධියේ මරණීය තර්ජනය කිරීම බරපතළ වරදක් බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට ප්‍රකාශ කළේය.
ඇතැම් සැකකරුවන් බන්ධනාගාරවලින් අධිකරණයට රැගෙන යන අවස්ථාවල දී බෝම්බ ගසා ප්‍රතිවාදින් ඝාතනය කිරීමට බන්ධනාගාරය තුළ සිටීම සැලසුම් කර ඇති බවත් දඩුවමකට යටත්කර සිටින මොවුන්ට එතරම් ආත්ම ශක්තියක් ලැබුණේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. ඇතැම් බන්ධනාගාර නිලධාරීන් සිර මැදිරිවල සිටින අපරාධකරුවන්ට වැඳ වැටෙන අතර, ඇතැම් නිලධාරින් හිතින් වැඳ වැටෙන බවත් ඔවුන් එසේ සිදුකරන්නේ ඔවුන්ට ලැබෙන වරප්‍රසාද හෝ මුල්‍යමය සාධක, දේශපාලන සාධක සහ සමාජ සාධකයන් හේතුවෙන් බවත් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ මේ සියලු කාරණාවලට ආධාර අනුබල ලබාදෙන අය සම්බන්ධයෙන් විමර්ශනය කර ඉදිරියේ දී ඔවුන් ද අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනාට එරහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට ද, පියවර ගන්නා බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරය අධිකරණයට දැනුම් දුන්නේය .
මෙහි සැකකාර 'කොස්ගොඩ' තාරක නැමැත්තා මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තූව තුළ රඳවා තබාගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්නකරන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සඳහන් කළේය. පොලිස්පතිවරයාගේ නියමයෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බවත්, ඒ අනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්. එම්.ටී.එන්. උපුල්දෙණිය මහතාගේ ප්‍රකාශයක් ලබා ගත් බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් දැනුම් දුන්නේය. බුස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ රැඳවියන් පිරිසක් ඉකුත් ජුනි මස 26 වැනිදා ආරම්භ කළ ආහාර වර්ජය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට බන්ධනාගාර කොමසාරීස් මෙහෙයුම්, බන්ධනාගාර කොමසොරී පාලන සහ බන්ධනාගාර බුද්ධි ඒකකයේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයා ඇතුළු කණ්ඩායමක් එම බන්ධනාගාරයට ගොස් සිටි අවස්ථාවේ දී පාතාල කල්ලි නායකයන් ලෙස සැලකෙන තාරක පෙරේරා නොහොත් කොස්ගොඩ තාරක සහ ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් පොඩි ලැසී යන දෙදෙනා මෙලෙස හැසීරී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
මෙම නිලධාරින් අංක 586 යටතේ ලියාපදිංචි වී ඇති ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් පොඩි ලැසී යන අය රඳවා සිටි සිර මැදිරිය වෙත ගොස් ආහාර වර්ජනය සම්බන්ධයෙන් විමසීම් කිරීමේ දී බූස්ස බන්ධනාගාරය තුළට තහනම් ද්‍රව්‍ය රැගෙන ඒම විශේෂෙයෙන් ජංගම දුරකතන ගෙන ඒම වළක්වා තිබුණත් තමා විසින් ලබාදෙන ලද පණවුඩ තමාගේ ජාලයේ සාමාජිකයන් වෙත යවා ඇති බවත් තමන් එසේ කර තැබුවත් එළියේ සිදුවන ක්‍රියාකාරකම් කිසිසේත් අඩු නොවන බවත් සැකකරු පවසා ඇතැයි අපරාධ පරීක්ෂිණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. ඔවුන් එසේ සිර කර තැබුවත්, එළියේ සිදුවන ක්‍රියාකාරකම් කිසි සේත් අඩු නොවන අතර බුස්ස බන්ධනාගාර අධිකාරීවරයාගේ සිට ඕනෑම පුද්ගලයකුගේ ඉරණම මරණය වන බවත් ඔවුන්ට එරෙහි වූ ජේලර්වරයකු මීට පෙර මරා දමන ලද බැවින් ඔවුන්ගේ ඉල්ලීම්වලට නිසි පිළිතුරු ලැබෙන තෙක් අඛණ්ඩව ආහාර වර්ජනයක සිදුකරන බවත් සැකකරු ආවේගශීලිව ප්‍රකාශ කර ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
මෙම නිලධාරීන් සැක අංක 2725 තාරක පෙරේරා නොහොත් කොස්ගොඩ තාරක නමැති සැකකරුගේ සිර මැදිරියට යාමේ දී ඔහු ආවේගශීලීව කෑ ගසමින් ඉල්ලන නිදහස ලබා නොඳුනහොත් ඕනෑම කෙනෙකු මරා දැමීමට පසුබට නොවන බවට ප්‍රකාශ කර ඇතැයි ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත. “ලැසී කියපු දේම තමයි මට කියන්න තියෙන්නේ. සර්ගේ ගෙදර (බන්ධනාගාර කොමසාරිස් ටී.අයි. උඩුවර මහතා වෙත ඇඟිල්ල දික්කරමින්) එඩ්‍රස් එක දෙන්න, මට ඕන නම් පැය දෙකක් ඇතුළත ගෙදරට වෙඩි තියලා පෙන්නන්න පුළුවන්. ජනාධිපති ඉන්නේ අවුරුදු පහයි. ජනාධිපතිට තියා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට හෝ ආරක්ෂක ලේකම්ටවත් බය නැ. පුළුවන් නම් ආරක්ෂක ලේකම්ට එන්න කියන්න" යනුවෙන් මෙම සැකකරු උස් හඩින්ම ප්‍රකාශ කර ඇති බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.
“පොලිසියට වඩා ඉදිරියෙන් මගේ ජාලය ඉන්නවා. යකඩ කෑලි ඕනෑ තරම් මා ළඟ තියෙනවා. ඉල්ලන නිදහස දෙන්නේ නැත්තම් ඉස්සෙල්ලාම බුස්ස බන්ධනාගාරයේ එස්.පීට, ඊට පස්සේ කොමසාරිස් ජෙනරාල් එක්ක අනෙක් සෙට් එක මරලා දානවා. මට ඕන තරම් ගෝලයෝ ඉන්නවා. මම විශේෂ බලකායේ හමුදා සෙබළෙක්. කිසිම දේකට බය නැහැ. නිදහස දෙන්නේ නැත්නම් මේ හිර ගෙයි වහල කඩාගෙන එළියට එනවා" යනුවෙන් ද මෙම සැකකරු තර්ජනාත්මකව ප්‍රකාශ කර ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත. අදාළ බන්ධනාගාර නිලධාරීන් නිරීක්ෂණ කටයුතු අවසන් කර එම ස්ථානයෙන් පිටව ගිය පසු විශේෂ සිර මැදිරිවල ආරක්ෂාව සඳහා විශේෂ කාර්ය බළකා නිලධාරින් එම ස්ථානයේ රාජකාරියේ යෙදී සිටිය දී මෙම සංවිධානාත්මක අපරාධ සාමාජිකයන් යම් අපරාධයක් කිරිම සංවිධානාත්මකව අපරාධ සමාජිකයන් යම් අපරාධයක් කිරීම සඳහා සංවිධානාත්මකව සංවාඳයක යෙදී ඇති බවත් පොඩි ලැසී, කැවුමා නොහොත් කැලුම්, ඌරුජුවා සහ කටහඩ හඳුනාගත නොහැකි වූ සැකකරුවෙක් මෙලෙස සංවිධානය වී ඇති බවටත් කරුණු අනාවරණය වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තූව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත. එම සංචාදය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වාර්තාවකින් අධිකරණයට ඉදිරිපත් කරන ලැබූ අතර එහි මෙසේද සඳහන් වේ.
පොඩි ලැසී - තාරක අයියා, තව දවස් දෙක තුනක් දොරවල් ඇරියේ නැත්නම් අපි කතා කරගත්ත විදිහට වැඩේ කරමු.
කැලුම් : මුන්ට ආරක්ෂක අමාත්‍යාංශයෙන් දොරවල් වහන්න කියලා ලිඛිත නියෝගයක් ලැබිලා නැහැ. කට වචනයෙන් තමයි කියලා තියෙන්නේ. මුන් බයටයි දොරවල් වහලා තියෙන්නේ.
පොඩි ලැසී : එස්. ටී.එෆ්. ලොක්කා දැනුත් බන්ධනාගාරේ ලොකෙක් එක්ක උඩ තට්ටුවේ මීටින් එකක ඉන්නේ.
තවත් සිරකරුවෙක් : එස්.පීට ලයිව් කතා කළා. මේ හැමදේටම වඩා මට මගේ දරු පවුල වටිනවා. අපිට ෆෝන් ඕන නැහැ. අපිට ඕන දේවල් එළියේ ඔකෝම වෙනවා.
පොඩි ලැසී : ජුවා, උඹ අද උසාවි ගියා නේද? කොහොමද කඩුවෙල, රණාල, ජල්තර තත්වේ. අදත් එස්.ටී.එෆ් එකේ කී දෙනෙක් ගියා ද?
ඌරු ජුවා : ඒ පැත්තේ අවුලක් නැහැ. එස්.ටී.එෆ් එකේ 6ක් ගියා.
පොඩි ලැසී : එස්.ටී.එෆ් එකේ උන්ට ටී 56න් ගහලා වැඩක් නැහැ. එස්.ටී.එෆ් නිකන් එන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ග්‍රෙනේඩ් හතරක් පහක් ගහලා මරාගෙන මැරෙන්න ඔන, ජුවා උඹට තේරුණා ද? ඒ නිසා ටී. 56න් වැඩක් නැහැ. එස්.ටී.එෆ් ලොක්කටත් ගහන්න ඕන. එහෙම වුණොත් මගේ නම ඉතිහාස ගත වෙනවා.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මෙම සිද්ධියේ සැකකාර ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් “පොඩි ලැසී' නමැත්තා ලබන 25 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට බුස්ස බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කරමින් එදින තෙක් නඩුව කල් තැබීය.
(නිමන්ති රණසිංහ)