ළුබෝවිල රෝහලේ ප්‍රසූතියක් සිදුකිරීමේදී මවක හා අලුත උපන් බිළිඳෙකු මියයාම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ කථිකාවක් පැනනැගී ඇත. එම විස්තරය අනුව මියගොස් ඇති නිමාශා නමැති තරුණ මවට රෝහල් කාර්ය මණ්ඩලය දැක්වූ නොසැලකිල්ල මෙම මරණ දෙකට බලපා ඇත.
තම දරු ප්‍රසූතියට පෙර දින රාත්‍රියේදී මියගිය මව "මට අමාරුයි අනේ මාව බලන්න පොඩ්ඩක්" කියා
හඬා වැටෙද්දී "පැනඩෝල් දෙකක් බීල නිදාගන්න" යන උත්තරය රෝහල් කාර්ය මණ්ඩලයෙන් ලැබුණ බවට සටහනක් හුවමාරුවේ.
මෙම සංසිද්ධිය සම්බන්ධයෙන් රෝහල් බලධාරීන්ගේ ප්‍රතිචාර තවම වාර්තා නොවේ.
අන්තර්ජාලයේ හුවමාරුවන සටහන් හා ඡායාරූප පහත පරිදිය.

සටහන 1
'ආදරණීය නිමාශා නංගි.මෙච්චර තාක්ෂණය දියුණු වෛද්‍ය විද්‍යාවේ තම දරුවා බිහිකිරීමට යෑමේදී මව හා දරුවා මිය යනවානම් එහි වරද කොතනද. කළුබෝවිල රෝහලේදී සිදු වූ පළමු මාතෘ මරණය මෙය නොවේ නිමාශා වෙනුවෙන් කල යුතු හොඳම දේ නම් අප යළිත් මෙවැනි වරදක් වීමට ඉඩ නොතබා සිටීමයි.නිමාශාගේ සියළුම මිතුරු මිතුරියන්ට මෙම අවස්ථාවේදී ලොකු වගකීමක් පැවරී ඇත එනම් අප අතහැර ගිය නිමාශාට අප යුක්තිය ඉෂ්ඨ කළ යුතු වේ.ඔබ කළ යුත්තේ නිකරුනේ හඬා වැටීම නොව නිමාශා මෙන්ම සියළුම ගර්භනී මාතාවන් වෙනුවෙන් මේ සටන ගෙන යෑමයි.අපගේ ජනාධිපති මෙයට පියවරක් ගන්නා තෙක් අපි බලා සිටිමු.තම දරු ප්‍රසූතියට පෙර දින රාත්‍රියේදී ඇය "මට අමාරුයි අනේ මාව බලන්න පොඩ්ඩක්" කියා හඬා වැටෙද්දී "පැනඩෝල් දෙකක් බීල නිදාගන්න" යන උත්තරය ලබා දුන් ඇටෙන්ඩන්ට් හා දොස්තර ඇතුලු කාර්‍ය මණ්ඩලයට විරුද්ධව විධිමත් පරීක්ෂණයක් කර නිසි දඬුවම් ලබා දෙමු.එයින් නිමාශා හා ඒ දරු පැටියා ඇතුළු මෙවැනි ඉරණමකට ගොදුරු වූ සියළුම දෙනාගේ ආත්මයන් හට සැනසීමක් ලැබෙනු ඇත.තීරණය ඔබ අතේ👊
👊👊සටන් කරමු නිමාශා වෙනුවෙන්👊👊

සටහන 2
නිමාශා නංගිගේ සියළුම මිතුරු මිතුරියන්ට ලොකු වගකීමක් මේ මොහොතේ පැවරී ඇත එනම් නිමාශාට යුක්තිය ඉශ්ඨ කිරීමය.එනම් අශිෂ්ඨ රෝහල් පද්ධතිය ශිෂ්ඨ කිරීමේ මූලික පියවර ගැනීමය.අපට මෙය කල හැකි වන්නේ සියළුම දෙනා එකට එක්වුවහොත් පමණි.මැයගේ මිතුරන් පමණක් නොව මෙම සටන මුළු මහත් රටේ ජනතාවගේම සටනකි ඒ මක් නිසාද යත් සියළුම දෙනාට බිරිඳක් හෝ දුවෙක් සිටිනා බැවිනි.මුළු මහත් අම්මාවරුන් වෙනුවෙන් සටන් කරමු.මෙම සිද්ධියට විරෝධය දක්වමින් ඔබ විසින් කරනා වීඩියෝවක් අප හට inbox මගින් ලැබීමට සලස්වන්න අප එය අපගේ පේජයේ පල කරන්නෙමු.මීට විරුද්ධව හා පිලිකුලෙන් හෙලා දකිමින් මෙම සිද්දියට අදාල සියල්ලන්ට දඬුවම් ලබා දී යලි මෙවැන්නක් නොවීමට අවශ්‍යය වට පිටාව නිර්මාණය කිරීම මෙම රටේ පුරවැසියන් වන අප සියළුම දෙනාගේ යුතුකමයි.ජනාධිපතිතුමාගේ අවධානය මීට යොමු කර ගැනීම අපගේ බලාපොරොත්තුවයි එය කිරීම්ට සියළු දෙනාගේ සහය මේ මොහොතේදී මා හට අවශ්‍යයි.
👊එක්වන්න අප සමඟ නිමාශාට සාධාරණය ඉෂ්ඨ කිරීමට👊