කොළඹ නගරයේ අධික රථවාහන තදබදයක් පවතින බවට මේ වනවිට හඳුනාගෙන ඇති ස්ථාන හතරක් සඳහා ගුවන් පාලම් ඉදිකිරීමට කටයුතු කරන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල්
ලාංසා මහතා පෙරේදා (6) පැවැසීය. ඒ අනුව
දුම්රිය හරස් මාර්ග තිබෙන කොම්පඤ්ඤවීදිය ජස්ටිස් අක්බර් මාවත, කොළඹ බාලදක්ෂ මාවත, උත්තරානන්ද මාවත හා කොහුවල යන ස්ථානවල අධික මාර්ග තදබදය වැළැක්වීමට ගුවන් පාලම් ඉදිකිරීමට මේ වනවිටත් කටයුතු යොදා තිබෙන බව ද ඔහු සඳහන් කළේය.
කැලණිය පාලම අසල සිට රාජගිරිය දක්වා කිලෝමීටර් හයකට වඩා වැඩි දුරකින් යුතු ගුවන් අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවැසීය. ගම්පහ ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගිවීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා මේ බව සඳහන් කළේය.
-නාලක සංජීව දහනායක-