බණ්ඩාරගම ප්රදේශයේ සංවිධානාත්මක කල්ලියක ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගෙන රැගෙන ඒමට සුදානම් වෙද්දී ඔහුගේ ඥාතීන් ඇතුළු පිරිසක් පොලිස් නිලධාරීන්ට පහරදෙමින් රාජකාරියට බාධා කරමින් කලහකාරි ලෙස හැසිරීම නිසා ප්‍රදේශයේ මහත් කලබලකාරී තත්වයක් උද්ගත වූ බව පොලිසිය කියයි. සිද්ධියට සම්බන්ධ 4 දෙනකු එහිදී
අත්අඩංගුවට ගත් බව ද පොලිසිය සඳහන් කරයි. මෙහිදී මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන "ගොටුකොළ රිෆයි" නමැත්තා ඇතුළු කීපදෙනකු පොලිස් නිලධාරින්ගෙන් මිදී පලා ගොස් ඇතැයි ද පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් කාන්තාවන් තිදෙනා අතර ප්‍රධාන සැකකරුගේ බිරිඳ හා දියණියන් දෙදෙනා ද සිටින බව පොලීසිය කියයි.
පොලිසිය හා කල්ලි සාමාජිකයන් හා ඔවුන්ගේ ඥාතීන් අතර ඇති වූ ගැටුමේ දී බණ්ඩාරගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන උපපොලිස් පරික්ෂකවරයා, උපපොලිස් පරික්ෂකවරුන් දෙදෙනකු ද පොලිස් සැරයන්වරියක සහ කොස්තාපල්වරියක ඇතුළු පස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව ද පොලිසියේ ප්‍රකාශකයෙක් පැවැසීය.
හෙරොයින් මත්කුඩු, මාවා, මත් පෙති හා ගංජා ජාවාරමේ යෙදෙන අටුලුගම තිස්ඵකේ කල්ලිය වශයෙන් හඳුන්වන කණ්ඩායමේ ප්‍රධාන ජාවාරමකරු වන “ගොටුකොළ රිෆයි" නමැත්තාගේ නිවසේ ගංජා තිබෙන බවට පොලිසියට ලැබුණු තොරතුරක් අනුව පොලිස් උපාය දූතයකු හරහා ඒ බව තහවුරු කරගත් බව ද පොලිසිය පවසයි.
ඒ අනුව පොලිස් නිලධාරිනියන් දෙදෙනකු ඇතුළු පොලිස් නිලධාරින් හත් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් අටුලුගම මාරාව නිවසට ගොස් ප්‍රධාන සැකකරු වන “ගොටුකොළ රිෆයිට" අත් මාංචු දැමීමට සූදානම් වීමේදී නිවසේ සිටි කාන්තාවන්, පිරිමින් සහ අවට නිවාසවල පදිංචි ඔවුන්ගේ ඥාති පිරිවර එම නිවසට කඩා වැදී පොලිස් නිලධාරින් සමග පොරබදා ඇති අතර පිරිමි පොලිසියට පහර දෙද්දී කාන්තාවන් ඔවුන් සපා කා ඇති බවත් පොලිස් නිලධාරියෙක් පැවැසිය. එම අවස්ථාවේ දී අත්අඩංගුවට ගත් කල්ලියේ ප්‍රධාන සැකකරු ඇතුළු එහි සිටි අනෙක් පිරිස එම ස්ථානයෙන් පලා ගොස් ඇති අතර පොලිස් නිලධාරින් ඒ බව බණ්ඩාරගම පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව අමතර පොලිස් කණ්ඩායමක් මෙන්ම අඟුරුවාතොට, මිල්ලනිය හා මොරන්තුඩුව පොලිස් ස්ථානවලින් හා පොලිස් විශේෂ කාර්ය බළකාය ද එම ප්‍රදේශයට කැඳවීමට පියවර ගත් බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.
අනතුරුව ප්‍රදේශය පුරා මෙහෙයුමක් ක්‍රියාත්මක කළ ද පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත. පොලිස් නිලධාරින්ට පහරදෙමින් සැකකරුවන් පොරබදා, හපා කෑම හේතුවෙන් පොලිස් නිලධාරීන් කීපදෙනකුට තුවාල සිදුවී ඇති අතර පොලිස් කාන්තාවකගේ නිල ඇඳුමකට ද හානි වී ඇතැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය . වලාන දූෂණ මර්දන ඒකකයේ ‘බිටා' නිල සුනඛයා එම නිවසට ගෙන්වා සිදුකළ පරික්ෂාවේ දී නිවසේ ඉහළ මහලේ මුළුතැන්ගෙයි කබඩ් එකක සැඟවා තිබූ කේරල ගංජා ග්‍රෑම් 500ක් සොයාගැනීමට හැකි වූ බව ද පොලිසිය කියයි. පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
-බිමල් ශ්‍යාමන්-