කන්නඩා සිනමා කර්මාන්තය තුළ ඉතා ප්‍රසිද්ධ නිළියක වන සංජනා ගල්රානි බැංගලූර් පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය. මැය මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ සඳුන්වුඩ් නමින් හැඳින්වෙන මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙනි.
නිළි සංජනා ගල්රානිගේ සහායක රාහුල් නැමැත්තාව බැංගලෝරයේ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ අංශය (සීසීබී) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කෙසේවෙතත් සාදයකට මත්ද්‍රව්‍ය සැපයීමේ චෝදනාව මත ඇයගේ මෙම සහායකයාව නිලධාරීන් විසින් ප්‍රශ්න කර තිබෙන අතර පසුව සංජනාවද සීසීබී වෙත ප්‍රශ්න කිරීම් සඳහා රැගෙන විත් ඇත.

කෙසේවෙතත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා සංජනාගේ නිවස වැටලූ අතර පසුව ඇයව මෙසේ අත්අඩංගුවට ගන්නා ලදි. අනතුරුව ඇයව 8 වන ඒසීඑම්එම් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ අතර  එහිදී විනිසුරුවරයා විසින් ඇයව ඉදිරි දින පහ සඳහා රිමාන්ඩ්භාරයට පත්කරනු ලැබීය. එමෙන්ම වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ගෙන යාමට පෙර ඇයව වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහාද යොමුකරන ලදී.

මීට සම්බන්ධ විත්තිකරුවන් 12 දෙනාටම ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහයට අනුව දඬුවම් නියමවනු ඇතැයි බොහෝ මාධ්‍ය පවසන අතර මෙම විත්තිකරුවන් 12 දෙනාම ඉතා ප්‍රසිද්ධ ප්‍රබල චරිත බව කියවේ. කෙසේවෙතත් මොවුන් සමඟ මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට හවුල් වූවායැයි සැකකරන සියලු පුද්ගලයන් පිළිබඳව බැංගලූර් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මේ හේතුවෙන් සංජනා මාධ්‍ය වෙතද ප්‍රකාශයක් ලබා දී ඇති අතර එහි මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඇතැම් මාධ්‍යවේදීන් තමන්ට නිතර කතා කරන බවත්, තමන් ඉන් වැළකී සිටින්නේ ඊට බිය වී ඇති හෙයින් නොව තමන් හට අනිසි ලාභ ප්‍රචාරයක් අවශ්‍ය නැති නිසා බවත් ඇය එහි සඳහන් කර ඇත.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් කිසිවෙකුටත් පිළිතුරු දීමට තමන්ට අවශ්‍ය නැති බව ඇය දිගින් දිගටම පවසා ඇත. එමෙන්ම තමන්ගේ සාර්ථකත්වය ඔප්පු කිරීමට අවශ්‍යතාවයක් නැති බවත් තමාන්ටම කියා දැන් අනුගාමිකයන් පිරිසක් ඇය විසින් ගොඩනගාගෙන සිටින බවත් පවසන සංජනා තමන් ඉතා වෙහෙස මහන්සි වී වැඩ කර මොටර් රථ තුනක් සහ නිවාස කිහිපයක්ද හිමිකරගෙන ඇති බවත් පවසයි. එමෙන්ම සිනමා කර්මාන්තය තුළ වසර 16 ක සිට වැඩ කරන සංජනා පවසන්නේ බැංකු ප්‍රකාශවලින් තමා උපයා ගත් සෑම සතයක්ම ඔප්පු කළ හැකි බවත් තමන්ගේ සෑම දේපලක්ම නීතිගත කර ඇති බවත්ය. එබැවින් කිසියම් නිරාකරණය කරගත නොහැකි යමක් ප්‍රශ්න කළ යුත්තේ ආදායම්බදු දෙපාර්තමේන්තුව බවත් අනෙක් බාහිර පුද්ගලයන් නොවන බවත් ඇය පවසා ඇත.

රිෂ්මි ඉෂාරා