ජයට සම්බන්ධ එෆ්එම් නාලිකාවක නිවේදකයෙකු ගුවන්විදුලි වැඩසටහන් මැදිරිය තුළදී ඔහු සමග කටයුතු කරමින් සිටි නිවේදිකාවකට තම රහස් අඟපසඟ පෙන්වූවේ යයි යන චෝදනාවකට ලක්වීම නිසා මේ දිනවල ඔහුව අනිවාර්ය නිවාඩු යවා ආයතනික මට්ටමින් පරීක්ෂණයක් අරඹා ඇති බව වාර්තාවේ.
රජයේ ප්‍රබල රූපවාහිනී නාලිකාවකට අනුබද්ධ
මෙම එෆ් එම් නාලිකාවේ අභ්‍යන්තරයේ

ඇතිවූ මෙම සිද්ධිය මේ වනවිට මාධ්‍ය ලෝකය තුළ රැව්පිළිරැව් දෙන පුවතක් බවට පත්ව තිබේ.

නිවේදිකාව නිවේදකයා සමග වැඩසටහන ඉදිරිපත් කරන අතරවාරයේ මෙම අසභ්‍ය ක්‍රියාවේ නිවේදකයා නිරතවූ පසුව එයට විරෝධය පා ඇති නිවේදිකාව අනතුරුව මෙම සිදුවීම සම්බන්ධයෙන් ලිඛිත පැමිණිල්ලක් ආයතන පාලනාධිකාරියට සිදු කර ඇති අතර ඒ හේතුවෙන් පෙර කී නිවේදකයාගේ වැඩ තාවකාලිකව නතර කර ඔහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ආරම්භ කිරීමට පාලනාධිකාරිය කටයුතු කර ඇත.

මෙම පරීක්ෂණය තවම අවසන් නැති බවද වාර්තාවේ.

මෙම නිවේදකයා අදාළ ආයතනයට අනුබද්ධ රූපවාහිනී නාලිකාවේද දේශපාලන වැඩසටහන් නිවේදකයෙකු බැවින් ඔහු වෙනුවෙන් ඔහු නිවැරදි බව පෙන්වමින් ඇතැම් වෘත්තීය සමිති පෙනීසිටින හා බලපෑම් කරන තත්වයක්ද දැන් නිර්මාණය වී ඇතැයි වාර්තාවේ. මේ අතර සිද්ධියට මුහුණ දුන් නිවේදිකාව මෙම බලපෑම් මත ඇයගේ පැමිණිල්ල වෙනස් කරන්නට යන ආරංචියක්ද පැතිර තිබේ.