ගායන ශිල්පී ඩබ්ලිව් ඩී ආරියසිංහ සම්බන්ධයෙන් පසුගිය දිනවල ඇතැම් සමාජ මාධ්‍ය පිටුවල  පළවූයේ කම්පනයට පත්වන පුවතකි. ඒ ඔහු දැඩි ලෙස අසාධ්‍යව සයනයක් මත වැතිර සිටින අයුරකි. එසේම ඔහුට පිහිටවී ආධාර ලබාදෙන ලෙසද ඇතැම් තැනක ඉල්ලා තිබුණි. නමුත් මෙම ඡායාරූප අනවසරයෙන් කිසිවෙකු ලබාගත් පැරණි ඒවා බවත් එවැනි අසාධ්‍ය තත්වයක ඔහු නැති බවත් ආධාර අනවශ්‍ය බවත්
ඔහුගේ පවුලේ අය දන්වා ඇත. සමාජ මාධ්‍ය තුළ පැතිරගිය මෙම වැරදි ආරංචිය නිසා තමුන් අපහසුතාවයට ලක්වූ බවද ආරියසිංහ මහතාගේ බිරිය දර්ශනී චන්ද්‍රසේන මහත්මිය ගොසිප් ලංකා නිවුස් වෙත අදහස් දක්වමින් පවසා සිටියාය. ඇය මෙසේ කියයි


'ආරියසිංහ කියන්නේ ප්‍රවීණ ගායන ශිල්පියෙක් ලංකාවේ ඉන්න. ඒ වගේම සංගීතවේදියෙක්. ඉතිං ඇත්තටම ටික කාලයක් තිස්සේ ඔහු පොඩ්ඩක් අසනීප තත්වයෙන් තමයි හිටියේ. ඒ ඉන්නකොට පසුගිය කොරෝනා කාලයේදී පොඩ්ඩක් පය ලිස්සලා වැටිලා එයාගේ කකුලක උකුල් ඇටේ බිඳිලා ගියා. ඊට පස්සේ තමයි අපි Hospital ගිහිල්ලා අවශ්‍ය හැමදේම කරාලා ඔපරේෂන් එකත් කරලා කෙනෙක්ව වෙනම අපි එයා වෙනුවෙන්ම නේවාසිකව තියාගෙන අපි ගොඩක් හොඳින් එයාව බලාගත්තා.

එ අවස්ථාවේදී පුද්ගලයෙක් ආවා ආරියසිංහව අඳුරනවා කියලා එයාව බලන්න ඕන කියලා. එතකොට අපි ඉඩ දෙනවා මොකද රසිකයෙක් වෙන්න ඇති කියන අපි යාළුවෙක් කියන හිතවත්කමට තමයි අපි බලන්න දෙන්නේ.එත් අපි කවදාවත් අඳුරන්නේ නැ ඒ පුද්ගලයාව. ඒ වේලාවේදී තමයි එයා රහසිගතව Photos අරගෙන එවා Facebook හරහා දන්නේ. ඇත්තටම එක මම නම් හිතන්නේ මේ වේලාවේ ආරියසිංහ අසනීපෙන් ඉන්න වේලා ඉන්නවානම් අපි අශිර්වාදයක් කරන්න ඕන එයාට ඉක්මනට සුව වෙන්න කියලා. මේවාගේ  නැති බැරිකම් කියලා ආධාර ඉලල්නවා වගේ දෙයක් තමයි මෙතන සිද්ද වෙලා තියෙන්නේ. ආරියසිංහයි මමයි (මම දර්ශනි චන්ද්‍රෙස්න) අපි දෙන්නා එකතුවෙලා මගේ තාත්තාගේ කලා ආයතනය ,ආරියචන්ද්‍රෙස්න කලා ආයතනය කරන්නේ අපි දෙන්නා.  එ වගේ අපිට කිසිම අඟහිඟකමක් නැ. මගේ සහෝදරයෝ, මගේ පුතාලා පරිඝණක ක්ෂේත්‍රෙය් ඉහළින්ම රස්සාවක් කරන පුතෙක් ඉන්නවා මට.ඉතිං අපි ඔක්කෝම එකතුවෙලා ආරියසිංහව බලගන්නේ. මේ වගේ ගෙදරට ඇවිල්ලා අපිට හොරෙන් ඡායාරූප ගතකරලා ඒවා facebook වල දනවා කියන්නේ නොහොබිනා වැඩක්. මේක කලාකරුවෙක්ට කරන අපහාසයක්. අපි අශිර්වාදයක් තමයි මේ වේලාවේ බලපොරොත්තු වෙන්නේ ආරියසිංහ වෙනුවෙන් මේ රටට කරපු කලාවට කරපු සේවයක් වෙනුවෙන් ආරියසිංහ විසින් කරා නම් දෙයක් ඒ වෙනුවෙන් එයාට අශිර්වාදයක් ඕන කරන්න එයා සුවපත් වෙන්න කියලා. සියළුම කලාකරුවන් වෙනුවෙන් මම ඉල්ලන්නේ එච්චරයි.'

facebook එකේ මේ ඡයාරූප යන්න ගත්තේ කොයි කාලේ වගේ ඉඳන්ද?
මම හිතන්නේ එවා දාලා සති දෙකක් වගේ වෙනවා

එතකොට ඔහු සනීප වෙලා ඇවිල්ලා කොච්චර කාලයක් වෙනවද?
ඔපරේෂන් එක වෙන්නේ ජූලි මාසේ. මේක වෙන්නේ මේ මාසේ මුල. එතකොට මාස 3ක් විතර වෙනවා. මගේ සැමියා වෙනුවෙන් විතරක් නෙමෙයි මුළු කලා ක්ෂේත්‍රයම වෙනුවෙන් මේ වගේ බොරු ප්‍රචාර කරනවානම් හොයලා බලන්න මේවායි ඇත්ත මොකද්ද කියන එක. මට හිතෙන විදියට එගොල්ලෝන්ට මුදල් ලබා ගැනීමක් ලබාගෙන අපිට අධාරයක් කරන්න වගේ අවස්ථාවක් වෙන්න ඇති කරන්න ඇත්තේ. ඉතිං එක වැරදි. ශ්‍රි ලංකාව වගේ රටක මෙවැනි කලාශිල්පීන්ට අපි අශිර්වාද කරන්න ඕන මෙහෙම දෙයක් වුනා නම් මෙයා සුවපත් වෙන්න ඕන එක ඇරෙන්න මුදල් ගරා ගැනීමක් නෙමෙයි සිද්ධ  වෙන්න ඕන. එ වගේම මේ පිළිබඳ රජයත් පොඩ්ඩක් දැනුවත් වෙන්න ඕන මේ වගේ කලා ශිල්පීන් මෙහෙම වෙනකොට ඇයි මෙහෙම දේවල් කරන්නේ මිනිස්සු මේ වගේ හොරු ඉන්නවා කියන එක. මේක වැරදි වැඩක් කරේ කියන එක.


මම නොදනුවත්ව ඒවා රහසිගතව ඡායාරූප ගත්තා කියන්නේ ඒ අතර මේක කී  දෙනකුට මුළු ලංකාවටම මේක දැක්කා. අපි හිතමු අපි නිදාගෙන ඉන්න මනුස්සයෙක්ගේ ඡායාරූපක් අරගෙන ඒ  ඡායාරූප ගත කරපු මනුස්සයාම නිදාගෙන ඉන්නකොට එයාගේ photo එකක් දානවට එයා කැමතිද? ඒක වැරදි වැඩක්නේ.. එහෙම නම් ඒ පුද්ගලයට හොඳට අන්දවලා පුටුවක වාඩි කරවලා එයත් එක්ක එකට ඡයාරූපයක් ගන්න ඕන. අන්න එක වැදගත්. අපිට එතකොට පිළිගන්න පුළුවන් මෙයා මේ මෙයාට ආදරේ කරන රසිකයෙක් නේ කියලා. මේවා වෙනමම ඡයාරූප අරගෙන මේ වගේ හැම තැනම යවනවා කියන්නේ එයා කරේ ඇත්තටම අපේ මුළු පරාම්පරාවටම අපහාසයක්. අපි මේ සංගීත ආයතනයක් කරගෙන යන කට්ටියක් , class කරනවා. එතකොට music filed එකේ ඉන්න එක්කෙනෙක්. හොඳට හිටපු කෙනෙක්. වැටුනායින් පස්සේ මෙහෙම photo ගන්නවා කියන්නේ එක වැරදි. අපි සුහදකමට එයා මිත්‍රෙයක් කිව්ව නිසයි ගේ ඇතුලට ගත්තේ. ඊටපස්සේ යනකොට කිව්වා මම music class කරන හින්දා පුළුවන් නම් telephone number එක දෙන්න මගේ දරුවාව class එකට දාන්න ඕන කියලා. එතකොට මම දෙන්නේ එයාගේ අවුරුදු 08 දරුවා වෙනුවෙන්.එයා ඒ Phone number එකත් දාලා තියනවා ආධාර කරන්න කියලා. ඒක වැරදීනේ.. එක කලාකරුවෙක්ට කරන අපහසයක්. අපේ පවුලට අපේ ආරියසිංහගේ නමට කරපු අපහසයක් මේක.

මේ වෙනුවෙන් නීතිමය පැත්තේන් මොනවා හරි කරාද?
අපි මුලින් ඒ මනුස්සයාව දැනුවත් කරා.මගේ දරුවෝ ,සහෝදරයෝ අපි ඔක්කොම දැනුවත් කරා. ඊළඟ වතාව වුනොත් අපි එ වෙනුවෙන් නීතිමය පියවර අරගන්නවා. මේ වෙද්දී මම නීතිමය උපදෙස් අරගෙන තියෙන්නේ. පළවෙනි වතාවට අපි එයාට අවවාද කරා. දෙවනි වතාවකත් නැහැ .මොකද ඊළඟ වතාවේදී ඒහෙම දෙයක් වුනොත් කෙලින්ම නීතිමය පියවර තමයි අරගන්නේ.

සාකච්ඡාව - ජනනි පතිරණගේ