“දි අයිලන්ඩ්” ඉංග්‍රීසි පුවත්පතේ සහකාර කර්තෘ සැකී ජබාර් (Zacki Jabbar) සිය නිවසේදී ජීවිතක්ෂයට පත්ව තිබී එම දේහය ඊයේ පොලිසිය මගින් සොයාගෙන තිබේ.
ඔහු සේවය කළ පුවත්පතේ සේවය සඳහා දින ගණනාවක් තිස්සේ ඔහු පැමිණ නොතිබීම සැකයට
භාජනයවීම නිසා පුවත්පත මගින් කරන ලද පැමිණිල්ලක් අනුව පොලිසිය සමග ගිය ඥාතියෙකු ඔහු තනිව වාසය කරමින් සිටි තලංගම පැලවත්තේ නිවසේ දොරගුළු කඩා ඇතුළුවී පරීක්ෂා කිරීමේදී මළ සිරුර හමුවී තිබේ.පවුලේ ඥාතීයා එම නිවසට ගොස් පරික්ෂා කර මළ සිරුර ඔහුගේ බවට හඳුනාගෙන තිබේ.

පොලිසිය මළ සිරුර සොයාගන්නා අවස්ථාවේ දැඩි දුගඳක් වහනය වූ බවත් ඔහු ඒ වනවිට මියගොස් දින ගණනාවක්
ගතව ඇතැයි සැක කරන බවත් දන්වා තිබේ.
 සිය නිවසේ තනිවම ජිවත්ව සිට ඇති සැකී ජබාර්ගේ මරණයට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් මේ දක්වා තොරතුරු වාර්තා වී නොමැත.
ඔහුව නිවසේදී ඝාතනය කළාද නැතිනම් වෙනත් හේතුවක් මත මියගියාද යන්න ගැන පරීක්ෂණ සිදු කෙරේ.
සිරුර පිළිබඳ පශ්චාත් පරීක්ෂණය අද (10) සිදු කිරීමට නියමිතය.