හරේන් සිට පැමිණ නිරෝධායන වෙමින් සිටි පුද්ගලයෙක් හලාවත මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද (14) මියගොස් ඇති අතර රෝහලේදී කළ පීසීආර් පරීක්ෂණය අනුව ඔහු කොරෝනා රෝගය වැළඳී ඇති බවට තහවුරුවී තිබුණි. කෙසේ වෙතත් ඔහු මියගිය අවසන් හේතුව
ලෙස හෘදයාබාධ තත්වයක් සටහන් විය.ඔහු 60 හැවිරිදි පුද්ගලයෙක් බවද පැවසිණි.

කොළඹ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු නාවිකයෙකු වශයෙන් සේවය කළ අයෙකි.

ඔහු බහරේන් සිට පසුගිය 2 වැනිදා ලංකාවට පැමිණ සිටි අතර කැරොලින් බීච් හෝටලයේ නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර නිරෝධායනය වෙමින් සිටියදී පසුගිය 9 වන දා හලාවත රෝහලට ඇතුළත් කර තිබේ.

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ රෝහලට ඇතුළත් කිරීමේදී එම පුද්ගලයා කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස තහවුරු වූ බවය.
මෙය ශ්‍රී ලංකාවේ වාර්තා වූ 13 වන කොව්ඩ් මරණයයි.