එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා අද (14) සවස තේරී පත්වී තිබෙයි.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රුවන් විජේවර්ධන මහතා සහ
රවී කරුණානායක මහතා අතර අද පැවති රහස් ඡන්ද විමසීමේදී විජේවර්ධන මහතාට ඡන්ද 28ක්ද කරුණානායක මහතා ඡන්ද 10ක්ද ලැබී ඇත.
කෙසේ වෙතත් ඊයේ සිට පළවූ දේශපාලන අභ්‍යන්තර ආරංචි හෙළි කළේ නියෝජ්‍ය නායකත්වය රුවන් විජේවර්ධන මහතාට හිමිවන්නට නියමිත බවයි.
රනිල් වික්‍රමසිංහ පවුලට ඥාතීත්වය දරන රුවන් විජේවර්ධන අද නියෝජ්‍ය නායකත්වය ලැබීමෙන් පසු ලබන 2021 ජනවාරි 01 සිට එජාප නායකත්වයට පත්වීමට නියමිත බවටද ආරංචි පැතිර තිබේ.

වැඩිදුර විස්තර හෙළි කළ ගොසිප් ලංකා නිවුස් ලිපිය මෙතැනින්