ද (5) පෙරවරු 11.45ට පමණ අනුරාධපුර තඹුත්තේගම දහයියාගම හන්දියේදී සිදුවූ වෙඩි තැබීමකින් 32 හැවිරිදි ඉරෝන් රණසිංහ හෙවත් එස්. එෆ්. ලොක්කා (එස් එෆ්ලොකූ ) යන නමින් හැඳින්වූ අපරාධකරු බරපතල තුවාල ලද අතර පසුව අනුරාධපුර රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
 මෝටර් සයිකලයකින් ආයුධ සන්නද්ධව පැමිණි අයකු
ඔහු ගමන් කරමින් සිටි මෝටර් රථය හරස් කර නවතා

පසුව දිගට හරහට වෙඩි තැබූ බවත් එම අවස්ථාවේ වාහනය ඇතුළේ සිටි ඉරෝන් ලේ විලක් මැද වැටී ඇති බවත් වාර්තා විය. වෙඩි තැබූ පුද්ගලයා අනතුරුව පළාගොස් තිබේ.එම වෙඩි ප්‍රහාර නිසා මෝටර් රථයේ ගිනිගැනීමක් ඇතිවූ නිසා පසුව එයද  විනාශයට පත්ව තිබේ.

වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ දී ඔහු ගමන් කළ මෝටර් රථයේ සිටි තවත් කාන්තාවක තුවාල ලද අතර ඇය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

ගිනස් ලෝක වාර්තා ලාභී කරාටේ ශූර වසන්ත සොයිසා මීට කලකට ඉහත පොරෝ පහරක් එල්ල කර ඔහුට අයත් සමාජ ශාලාවකදී ඝාතනය කරන ලද්දේ එස්. එෆ්. ලොක්කා ඇතුලු කණ්ඩායමකිනි. එම වරදට ඔහු සිරගතවූවද ඇප මත නිදහස්ව සිටියේය.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ඉරෝන් රණසිංහ හෙවත් SF ලොක්කා විවිධ අපරාධ ගණනාවකට සම්බන්ධ සැකකරුවෙකි. මෘත දේහය අනුරාධපුර රෝහලේ තැන්පත් කර ඇත.
ඔහුගේ ඝාතනය පාතාල කල්ලි අතර ගැටුමක ප්‍රතිඵලයක්  යයි බැලුබැල්මට හඳුනාගන්නට ලැ‍බෙන අතර ‍පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.