ස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ශ්‍රී ලාංකික ආහාර වේලක් පිසින අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් පසුගිය සෙනසුරාදා රාත්‍රියේදී සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රසිද්ධියට පත්කර තිබිණි.

සිය දියණියන් දෙදෙනා සහ බිරිඳ එම ආහාර වේලට ඉතා කැමැති බවත් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබිණි. ආහාර පිසින අයුරුත් රම්පේ, කරපිංචා ආදීය දැක්වෙන ඡායාරූපත් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රසිද්ධියට පත්කර තිබිණි.

“සෙනසුරාදා රෑ කියන්නේ මාළු පිනි හදන දවස. ඔක්කොම ශ්‍රී ලංකාවේ කෑම. දියණියන් දෙදෙනාත්, බිරීඳ ජෙනුත් ඊට කැමැතියි. තාමත් මෙල්බන් නුවර ඉන්න හැමෝම ගැන හිතනවා. ලොක් ඩවුන් මධ්‍යයේ වුණත් හැමෝම තම තමන්ට පුළුවන් විදියට කෑම වේලාවක් හදාගෙන ඇති කියලා හිතනවා" යැයි ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ෆේස්බුක් හි දැමූ සටහනේ දැක්විණි.