න්දියාවේ කොයිම්බතූර්හිදී මියගිය අංගොඩ ලොක්කා හෙවත් මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා සම්බන්ධයෙන් DNA පරීක්ෂණයක් සිදු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ වෙසෙන ඔහුගේ ලේ ඥාතීන් යොදා ගැනීමට ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබේ.
ඉන්දියාවේදී ප්‍රදීප් සිං ලෙස ඔහු පෙනී සිට ඇති අතර එම හැඳුනුම්පතේ ඡායාරූපයද දැන් ප්‍රසිද්ධ කර තිබේ.
අංගොඩ ලොක්කාගේ මරණය සහ ඔහු නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ රැඳී සිටීම පිළිබඳව විමර්ශනය කරන
පොලිස් නිලධාරියෙකු ද හින්දු - පුවත්පතට පවසා ඇත්තේ, DNA පරීක්ෂණය සඳහා ශ්‍රී ලංකාවේ වෙසෙන
අංගොඩ ලොක්කාගේ සොහොයුරා සහ අංගොඩ ලොක්කාගේ පළමු බිරිඳට දාව උපන් පුත්‍රයා යොදා ගැනීම
වඩාත් සුදුසු බවය.

ඉන්දීය පොලිසිය පැවසුවේ, එරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් අංගොඩ ලොක්කා
වාසය කළ බව කියන චෙරන් මා නගර්හි පිහිටි නිවස අඟහරුවාදා (අගෝස්තු 04) පරීක්ෂා කළ බවය.

ඔහු කොයිම්බතූර්හි සරවනම්පට්ටි ප්‍රදේශයේ මහල් නිවාසයක ද රැඳී සිට ඇතැයි පොලිසියට තොරතුරු ලැබී තිබේ.

අංගොඩ ලොක්කා පිළිබඳ විමර්ශන කටයුතු ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට පෙර
ඔහුට සහය දුන් ඉන්දීය වැසියන් තිදෙනෙකු, අමානි තාන්ජි නමැති අංගොඩ ලොක්කාගේ ශ්‍රී ලාංකික
අනියම් බිරිඳ, ඇගේ මිතුරෙකු බව කියන ඊරෝඩ්හි පදිංචි දියනේස්වරන් නමැත්තෙකු සහ ඩී. සිවකාමසුන්දරි
නමැති නීතිඥයෙකු අත්අංඩංගුවට ගෙන තිබිණි.

කුමුදු ජයවර්ධන