මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයට තරග වැදුණ රංගන ශිල්පීන් අතර කතා බහට ලක්වූ චරිතයක් වූයේ ටෙලිනාට්‍ය ශිල්පිණී  ඕෂධී හේවාමද්දුමයි. ඇයට මෙවර පාර්ලිමේන්තුවට යාමට අවස්ථාව උදාවූයේ නැත.

1 නිමල් සිරිපාල ද සිල්වා   1,41,901
2 සුදර්ශන දෙනිපිටිය            71,766
3 තේනුක විදානගමගේ        68,338
4 චාමර සම්පත් දසනායක     66,393
5 ඩිලාන් පෙර්රා                   53,081
6 ජානක තිස්සකුට්ටිආරච්චි   50,151


බදුල්ල ලැයිස්තුවේ ඇයට ඡන්ද 50000 ට අඩු ප්‍රමාණයක් ලැබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.

මේ අතර ගියවර පාර්ලිමේන්තුවට තේරී පත්වී පසුව පුරවැසිභාවය පිළිබඳ ගැටලුවක් නිසා මන්ත්‍රී ධූරය අහිමිවූ සිනමා නිළි ගීතා කුමාරසිංහ මෙවර ගාල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත.
Ramesh pathirana- 205,814
Sampath Athukorala- 128,331
Mohan Priyadarshana Silva- 111,626
Chandima W- 84,984
Isuru Dodangoda- 71,266
Shan Wijelal - 67,793
Geetha Kumarasinghe- 63,357

ගාල්ල ලැයිස්තුවේ ඡන්ද 63357 ක් ලබා ඇය 7 වැනියා ලෙස තේරී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් තරග වැදුණ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න අනුරාධපුරයෙන් තෙවැනියා ලෙස තේරී පත්වීමද විශේෂත්වයකි. ඔහු දේශපාලනයට පිවිස මාස කිහිපයක් තුළ ෂෙහාන්,දුමින්ද ඇතුළු හිටපු මන්ත්‍රීවරුන්ට වඩා වැඩි මනාප ලබාගෙන ඇත. අනුරාධපුර ලැයිස්තුව පහතින්

එස් ඒම් චන්ද්‍රසේන - 139,368
චන්න ජයසුමන -133,980
උද්දික ප්‍රේමරත්න -133,550
ෂෙහාන් සේමසිංහ - 119,878
දුමින්ද දිසානායක - 75,535
එච් නන්දසේන - 53,618
කේ.පි.එස් කුමාරසිරි - 49,030