බන නොවැම්බරයේ පැවැත්වෙන ඇමරිකානු ජනපතිවරණයේ රිපබ්ලිකන් අපේක්ෂක ට්‍රම්ප්ගේ ප්‍රධාන ප්‍රතිවාදියාවන ජෝ බයිඩන් සිය උප ජනපති අපේක්ෂිකාව ලෙස අද ඉන්දීය සම්භවය ඇති කාන්තාවක නම් කරන ලදි.

කමලා හැරිස් නමැති ඇය සැන් ෆ්රැන්සිස්කෝ හි දිස්ත්‍රික් නීතිඥවරියක ලෙස ද
සේවය කර ඇත.


හැරිස් 2017 දී කැලිෆෝනියාවේ සිට එක්සත් ජනපද සෙනෙට් සභිකයෙකු ලෙස දිවුරුම් දුන්නේ ඉතිහාසයේ දෙවන අප්‍රිකානු-ඇමරිකානු කාන්තාව සහ දකුණු ආසියානු-ඇමරිකානු සෙනෙට් සභිකයා ලෙසය. ඇය ස්වදේශ ආරක්ෂක හා රාජ්‍ය කටයුතු කමිටුව, බුද්ධි තේරීම් කාරක සභාව, අධිකරණය පිළිබඳ කාරක සභාව සහ අයවැය පිළිබඳ කාරක සභාවේ සේවය කළාය.
ඇයගේ මව ඉන්දියාවේ චෙන්නායි හි කාන්තාවකි. 2009 දී මියගිය ඇය පිළිකා රෝග පර්යේෂිකාවකි. ඇයගේ පියා දැනට ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ උගන්වන ජැමෙයිකානු ජාතික කථිකාචාර්යවරයෙකි. කමලා හැරිස් එක් දියණියකගේ මවකි.

කමලා හැරිස් සහ ඇගේ බාල සොහොයුරිය වන මායා හැරිස් තරුණ වියේදී දෙමාපියන් වෙන් වූ බව කියැවේ
ඇය හැදී වැඩුණේ ඕක්ලන්ඩ් වලයි. හොවාර්ඩ් විශ්ව විද්‍යාලයෙන් උපාධියක් සහ හේස්ටිංස් කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් නීති උපාධියක් ලබා ගැනීමෙන් පසුව ඇය ඇලමේඩා ප්‍රාන්තයේ දිස්ත්‍රික් නීතිඥ කාර්යාලයේ නීති වෘත්තියේ යෙදුණාය. ඇය 2003 දී සැන් ෆ්රැන්සිස්කෝ හි දිස්ත්‍රික් නීතිඥවරිය බවට පත්විය.

 එක්සත් ජනපදය වාර්ගික අසාධාරණය පිළිබඳ ඉතිහාසයක් සහිත හා ඒ සම්බන්ධ ගැටුම් පවතින වාතාවරණයක කළු වර්ණ කාන්තාවක් මෙම තරගයට තෝරා ගැනීමට බිඩෙන්ට වැඩි වැඩියෙන් වාසි අත්කරදෙන තේරීමක් වන්නට ඇතැයි විශ්ලේෂකයෝ දන්වා සිටිති.

හැරිස් දැන් උප ජනාධිපති ධුරය සඳහා තරඟ කරන ඉන්දියානු හා ආසියානු සම්භවයක් ඇති පළමු ඇමරිකානුවා වේ.