හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු පක්ෂ නායකයින් තිදෙනකු ඇතුළු හිටපු අමාත්‍යවරුන් පස් දෙනකුට ලබන 21 වැනිදා දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින
ලෙස එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද (12) සිතාසි නිකුත් කළා.

මෙලෙස සිතාසි නිකුත් කෙරුණේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්ධන්, එම් ඒ සුමන්තිරන්, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, පාඨලි චම්පික රණවක, රවුෆ් හකීම්, සරත් ෆොන්සේකා , හා මලික් සමරවික්‍රම යන මහත්වරුන්ටයි.

එමෙන්ම ජනාධිපති නිතීඥවරුන් වන ජයම්පති වික්‍රමරත්න සහ ජේ.සී වැලිඅමුණ යන මහත්වරුන් දෙදෙනාටද සිතාසි නිකුත් කර තිබෙනවා.

ආර්ථික කටයුතු අමාත්‍යංශයේ හිටපු ලෙකම් නිහාල් ජයතිලක මහතා ජනාධිපති කොමිසමට කළ පැමිණිල්ලකට අනුව මෙම පිරිසට සිතාසි නිකුත් කෙරුණා.

ඒ ඉසුරුම්ලත් නිවාස වැඩසටහන යටතේ සිදුවුවා යැයි පැවසෙන අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන්.