නප්‍රිය රංගන ශිල්පි ඩබ්ලිව් ජයසිරි මහතාට ලොතරැයි දිනුම් ඇදීමක් ලැබී ඇතැයි පවසමින් ලැබුණ ඇමතුමකට ඔහු රැවටී ඇති අතර ඇමෙරිකානු ඩොලර් 85000ක මුදල ලබාගැනීමට නම් පූර්ව වශයෙන් බැංකු 4 ක මුදල් තැන්පත් කළ යුතු බව කියූ එම ඇමතුම අනුව ඔහු ලක්ෂ 12 කට ආසන්න මුදලක් වරින්වර තැන්පත් කර තිබේ. පසුව කළ සොයා බැලීමේදී
එම ඇමතුම මුළුමනින්ම අසත්‍යයක් බව වැටහීමෙන් පසු ඔහු ඒ ගැන පොලිසියට දන්වා ඇත.
පොලිසිය සිදු කළ විමර්ශන වලදී අදාළ බැංකු ගිණුම් හිමි පුද්ගලයා හසුකරගෙන තිබේ.
අයිසීසී ක්‍රිකට් තරගාවලියට සාපේක්ෂව පැවැත්වූ ලොතරැයි ඇදීමකින් ඇමෙරිකානු ඩොලර් 85000ක මුදලක් ඇදී ඇති බව පවසා තමන් සතු මුදල් වංචනික ලෙස තැන්පත් කරගත් තරුණයා අල්ලා දෙන ලෙස අපරාධ වංචා විමර්ශණ ඒ්කකය වෙත පානදුර හිරණ පදිංචි වීරප්පුලිගේ ඩබ්ලිව් ජයසිරි නම් රංගන ශිල්පියා පැමිණිලි යොමු කර තිබුණි.


අයි. සී. සී.ආයතනය අනුග්‍රහය ඇතිව සංවිධානය කළ ලෝක කුසලාන තරගාවලියකට සමගාමිව පවත්වනු ලැබූ ලොතරැයි දිනුම් ඇදීම අහම්බෙන් තෝරාගත් දුරකථන අංක අනුව සිදු කළ බවත් එම එක් අංකයක් ඔබේ අංකය බව පවසමින්  කොස්ගම අකරවිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ජයසිරි මහතාට මුලින්ම කතා කර තිබේ. ඇමෙරිකානු ඩොලර් 85000ක මුදල ලබාගැනීමට නම් පියවර කිහිපයක් අනුගමනය කළ යුතු බවත් ලියාපදිංචිය සඳහා මුදල් අවශ්‍ය බවත් දන්වා ඇත.
ජනප්‍රිය ටෙලි නාට්‍ය රංගන ශිල්පියා මෙම වංචාකරුගේ රංගනයට එම අවස්ථාවේ රැවටී තිබේ. බැංකු 4 කට වරින්වර මුදල් තැන්පත්කරන තුරුම මෙය අසත්‍යයක් ලෙස ඔහුට හැඟී ගොස් නැත. මුදල් තැන්පත් කළ පසුව දිගින් දිගටම වංචාකරු ජයසිරි මහතා මගහැර ඇති අතර පසුව පොලිසියට පැමිණිල්ලක් සිදු කරන්නට ඔහු කටයුතු කර තිබේ.පැමිණිල්ල මත විමර්ශන සිදුකර සිද්ධියට අදාළව පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර පැමිණිලිකරු විසින් මුදල් තැන්පත් සම්බන්ධයෙන් අදාළ බැංකු හතරෙන් වාර්තාවක් ලබාගත් අපරාධ විමර්ශන අංශ
එම වාර්තාවට අනුව හංවැල්ල ප්‍රදේශයේ පෞද්ගලික බැකුවක ගිණුමක් හරහා එම ගිණුම් හිමියා කොස්ගම අකරවිට ප්‍රදේශයේ පදිංචි  අයෙකු බව තහවුරු කරගෙන තිබේ.
සැකකරු මේ අයුරින් දිවයිනේ විවිධ ප්‍රදේශවල අපරාධ සහ වංචා සිදු කර ඇත්දැයි විමර්ශන සිදු කරන බවත්, පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් පොලීසිය සඳහන් කරයි.