ශ්‍රී ලාංකීය සංගීතය වෙනස් කළ දිවංගත ප්‍රේමසිරි කේමදාස ප්‍රවීණ සංගීතවේදියාගේ දියණිය ගයත්‍රී කේමදාස තනු නිර්මාණ ශිල්පිණියක සහ ශාස්ත්‍රීය පියානෝ වාදිකාවකි.  ඇය මෑතකදී ‘ද නිව්ස්පේපර්’ නම් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂිකාව ලෙසද කටයුතු කළාය.
දරුණු යුද්ධය අතරතුර පුවත්පත්වල පළ වූ වැරදි තොරතුරක් හේතුවෙන්
මවකට මුහුණ පෑමට සිදු වූ අසාධාරණයක් පිළිබඳව එම චිත්‍රපටයේ කියැවේ. ශ්‍රී ලංකාව තුළ වෙසෙන කාන්තා සංගීත අධ්‍යක්ෂිකාවන් අතළොස්ස අතරින් කේමදාස මෙනවියද එක් තැනැත්තියක්ය. තම පියාගෙන් ලද උරුමය ඉදිරියට ගෙන යන අතරවාරයේ ශ්‍රී ලංකාවේ ශාස්ත්‍රීය සංගීත අංගනයේ වෙනසක් කිරීමට ඇය උත්සාහ කරන බව සති අන්ත පුවත්පතකට අදහස් දක්වා තිබුණි.


ඔබේ නව ව්‍යාපෘතිය පිළිබඳ‍ අපට කියන්න.

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවලගෙන් මට ඇරයුමක් ලැබුණා. තන්හා, රති, රාග චිත්‍රපටියේද අප එකට වැඩ කර තිබෙනවා. මෙම නව චිත්‍රපටියේ තිර රචනයට මම ගොඩක් කැමති වුණා. මවකට මුහුණ පෑමට සිදු වූ ආසාධාරණයක් පිළිබඳව සහ තම ආත්ම ගරුත්වය නැති වීමට හා සමාජයෙන් කොන් වීමට හේතු සලසමින් වැරදි තොරුතුරු පුද්ලයන්ගේ ජීවිතවලට හානි කරන අයුරු එහි ඇතුළත් වෙනවා. එම චිත්‍රපටියේ කණ්ඩායම සමඟ වැඩ කිරීමට ලැබීමත් මෙවන් තේමාවක් ඇති චිත්‍රපටියකට දායක වෙන්න ලැබීමත් සතුටක්. එම කණ්ඩායම දිරිගන්වනසුළු ආකාරයෙන් මා සමඟ කටයුතු කළා. නමුත් බොහෝ අවස්ථාවලදී ශ්‍රී ලංකාවේ තත්ත්වය එය නොවේ.

කාන්තාවන්ට හිරිහැර කිරීම වැනි න්‍යායන් පිළිබඳව කතා කරන අධ්‍යක්ෂකවරුන් සිටිනවා, නමුත් චිත්‍රපටය රඟ දක්වන පුද්ගලයන්ගෙන් සියයට 95ක්ම පුරුෂයන්. කාන්තා තිර රචිකාවන් සහ කැමරා අධ්‍යක්ෂකවරියන් නැද්ද?
තිර රචනය සහ කැමරා අධ්‍යක්ෂණය සඳහා කාන්තාවන් අඩු පිරිසක් සිටීමට හේතුව කුමක්ද?

මගේ අත්දැකීම අනුව මා තේරුම්ගෙන තිබෙන්නේ ඔබ ඉංජිනේරුවෙක් හෝ වෛද්‍යවරයෙකු නොවේ නම් ඔබේ වටිනාකමක් නැති බවය. එයයි සමාජය දරන ආකල්පය. තිර රචනය, කැමරා අධ්‍යක්ෂණය වැනි ක්ෂේත්‍රවලට දිරිගැන්වීමක් ලැබෙන්නේ නැහැ. සංගීතය සැලකෙන්නේද ඔබ හදාරන වෙනත් විෂයන් සේමය. දෙමාපියන් බලාපොරොත්තු වන්නේ දරුවාට අවසානයේදී සහතිකයක් ලැබීමය. මෙම පියවර වෙනස් වීම වැදගත්. ජාත්‍යයන්තරයේ ගත් කළ එම විශ්වවිද්‍යාල වැඩි වශයෙන් උනන්දුවක් දක්වන්නේ ප්‍රතිඵල කෙරෙහි නොව ප්‍රායෝගික ජීවිතය කෙරෙහිය.

මෙම වෙනස ඇරඹිය යුත්තේ කොහෙන්ද?

එය ඇරඹිය යුත්තේ නිවසින්. ඇතැම් දරුවන්ට සංගීතය සඳහා සහජ හැකියාවන් තිබෙනවා. නමුත් දෙමාපියන් සහ ඔවුන් තුළ තිබෙන අගතිය හේතුවෙන් දරුවන්ට එම ක්ෂේත්‍රයේ ඉහළට යෑමට අවස්ථාව ලබා‍ දෙන්නේ නැහැ. සියවස් ගණනාවක් පුරාවට අප සහතික ලබාගන්නවා. ඒත් ඒවායෙන් අපගේ සමාජයට සිදු වී තිබෙන යහපත කුමක්ද? අධ්‍යාපනය වැඩි අවධානයක් ලබා දිය යුත්තේ එය හදාරන්නන් තවත් හොඳ පුද්ගලයන් බවට පත් කරවීම කෙරෙහිය.
සජීවි සංගීත භාණ්ඩ ඇසුරින් උසස් තත්ත්වයෙන් යුත් සංගීතය නිෂ්පාදනය කිරීම මොන තරම් අභියෝගාත්මකද?
සංගීත ශිල්පීන් මුහුණ දෙන අභියෝගයක් තමයි පෙරහුරුවීම්වලට සහභාගි වීමට ඇති අපහසුතා. ඔබට වෙනත් වැඩත් තිබෙනවා නම් එය අපහසුයි. මම පිටරටක රැකියාවේ නිරත වන විට මට පෙරහුරු වීම්වලට සහභාගී වීමට සිදු වුණා. පෙරහුරුවලට සහභාගි වූයේ නැත්නම් ඔබව නිෂ්පාදනය සඳහා යොදාගැනෙන්නේ නැහැ. වාදක මණ්ඩලවල සියයට 99ක්ම සිටින්නේ පුරුෂයන්. නමුත් මට හොඳින් අදහස් හුවමාරු කරගත හැකි සහ වැඩ කළ හැකි ආකාරයේ කණ්ඩායමක් මට හමු වුණා. මෙහිදී මනා සංයමය ඉතා වැදගත්.

රට තුළ සිටින කාන්තා අධ්‍යක්ෂකයන් අතළොස්ස අතරින් ඔබද එක් තැනැත්තියක්. ඔබටම නමක් සාදාගැනීමට මොන වගේ අභියෝගයක්ද?

විදෙස්ගතව සිටියදී මම තනිව සිටියේ. මගේ පියා ගැන තිබෙන තොරතුරු අනුව කිසිවෙක් මා ඔහුගේ දියණියක් ලෙස හඳුනාගත්තේ නැහැ. මිනිසුන් මා දෙස බලන්නේ තනි පුද්ගලයෙකු ලෙස. මට වාදක මණ්ඩලයක් සාදාගැනීමට හැකි වූයේ එලෙසයි. අත්හදාබැලීමේ චිත්‍රපටිවල මම වැඩ කළා. මටම කියලා නමක් හදාගෙන ති‍බුණේ නැත්නම් මට ඒක කරන්න පුළුවන් වෙන්නේ නැහැ.
අලුත් දෙයක් හඳුන්වා දීම මගේ පියාට පහසු නොවූ බව සියලුදෙනා දන්නා කරුණක්. ඒ සෑම අවස්ථාවකදීම ඔහු පුද්ගලයන්ගේ විවේචනය පාත්‍ර වූවා. මම අලුත් යමක් හඳුන්වා දුන් විටද එයම සිදු වූවා. නමුත් මම කියන්න උත්සාහ කරන්නේ මෙයයි. එනම් මම උත්සාහ කරන්නේ අලුත් යමක් කිරීමට. එමනිසා මාව අනෙක් පුද්ගලයන් සමඟ සසඳන්න එපා. මගේ පියා ගැන මම ආඩම්බර වෙනවා. ඒ ඔහු සංගීතඥයෙකු පමණක් නොව ඔහු අපට උපකාර කළ ආකාරය නිසාය. ඔහු එදිනෙදා ජීවිතයේදී විවෘත මනසකින් කටයුතු කළ පුද්ගලයෙක්. ඔහු අපට බොහෝ සේ ආදරය කළා. ඒත් අපි තරුණ වයසේදීම විදෙස්ගත වීමට අවස්ථාව ලබා දුන්නා. ඔහු කිසිම දිනක අපෙන් සහතික නොඉල්ලූ පියෙක්. මම විදෙස්ගතව සිටියදී මට කතා කළ විට ඔහු ඇසුවේ අද මම මොනවාද දැක්කේ, මොන තූර්ය වාදනයද මම බලන්න ගියේ වගේ දේවල්. ඔහු අපෙන් විවිධ ප්‍රශ්න අසමින් අපව වෙනස් ආකාරයකට සිතීමට සැලැස්වූවා.


මීළඟ සංගීතඥ පරපුර හැඩගැස්වීමට කේමදාස පදනම දායක වන්නේ කෙසේද?

සෑම දිනකම අපිට අලුත් සිසුන් එකතු වෙනවා. රට තුළ විවිධ ප්‍රදේශවලින් සහ පසුබිම්වලින් පැමිණෙන ශිෂ්‍යයන් ඒ අතර වෙනවා. අපි සෑම වසරකම අලුත් නිෂ්පාදනයක් කිරීමට වෑයම් කරනවා. එම අවස්ථාව මගේ පියාට නොලැබුණ නිසා එම අවස්ථාව වෙනත් පුද්ගලයන්ට ලබා දීමටයි ඔහු මෙම පදනම ස්ථාපිත කළේ. ඔහු ඉගෙනගත්තේ ඔහුගේ ස්වෝත්සාහයෙන්. කිසිම ස්ථානයකට ගොස් ඉගෙනගැනීමට ඔහුට අවශ්‍ය වූුයේ නැහැ. අලුත් චිත්‍රපටියේ ඇතැම් කොටස් සඳහා කටහඬ දී තිබෙන්නේ මෙම පදනමේ ශිෂ්‍යයෙක්. ඔවුන්ට මෙවැනි විවිධ අවස්ථා ලැබෙනවා. ආබාධිත දරුවන් සිටින අප ස්වේච්ඡාවෙන් සංගීත අධ්‍යාපනය ලබා දෙන පාසැල්වලද අප විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. අපගේ අවසන් වැඩමුළුව පැවැත්වූයේ වැලිකඩ බන්ධනාගාරයේ. අප මෙම වැඩසටහන් කරන්නේ නොමිලේ. මගේ පියාගේ දැක්ම වූයේ එයයි. එසේ කිරීමට මීළඟ පරපුර පුහුණු කිරීමටද මට අවශ්‍යයි. ඒ වෙනුවට හෙට දිනයේදී තරුවක් වීම සඳහා නොවේ.

මෙම ක්ෂේත්‍රයේ ඔබ වැඩියෙන්ම සතුටක් ලබන අංගය කුමක්ද?

මම දැඩි උනන්දුවක් දක්වන දේවල් පිළිබඳව කතා කිරීමට මට අවස්ථාවක් ලැබීම තමයි මම වැඩියෙන්ම සතුටක් ලබන අංගය.
මම සතුන් පිළිබඳව දැඩි උනන්දුවක් දක්වනවා. එමෙන්ම මගේ නිෂ්පාදන පිළිබඳ‍ ජනතාවගේ අදහස් අසන්නට ලැබීමෙන්ද සතුටක් ලැබෙනවා. ඉගැන්වීමෙන්ද මම සතුටක් ලබනවා.

ඔබේ අනාගත ව්‍යාපෘති මොනවාද?

ඔන්ලයින් සංගීත උත්සවයක් අප මෑතකදී අවසන් කළා. එහි තේමාව වූයේ ‘විමෙන් ඔෆ් ද වර්ල්ඩ්.’ මගේ ඉදිරිපත් කිරීම් දෙකක් සඳහා පදනමේ ශිෂ්‍යයන් දායක වූවා. සංගීත භාණ්ඩ භාවිතා නොකරන නව ඉදිරිපත් කිරීමක් අප පටන්ගනිමින් සිටිනවා. අපේ වැඩමුළුවලදී හමු වන සිසුන්වද අපගේ නිෂ්පාදන සඳහා දායක කරගැනීමට අප බලාපොරොත්තු වෙනවා. මේ වසරේදී මගේ නිෂ්පාදන කිහිපයක් ඉදිරිපත් කිරීමට පෝට්ස්මවුත් විශ්වවිද්‍යාලයද බලාපොරොත්තුවෙන් සිටිනවා.

(කාමන්ති වික්‍රමසිංහ විසින් ‍”ඩේලි මිරර්” වෙත යොමු කළ ලිපියක් ඇසුරිනි)
එස්.දහනායක